2025 අගෝස්‍තු 07, පෙ.ව. 12:13
ශ්‍රී ලංකා විදුලි බල (සංශෝධන) පනත් කෙටුම්පත දෙවැනි වර කියැවීමේ විවාදය අරඹමින් බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි මහතා පාර්ලිමේන්තුවේදී අදහස් දැක්වීය.
වගකිවයුතු රජයක ප්‍රමුඛ අරමුණ විය යුත්තේ කලාපයේ අඩුම විදුලි මිල සහිත රට බවට ශ්‍රී ලංකාව පත් කිරීම බව ඔහු අවධාරණය කළේය.
මෙම පනත් කෙටුම්පත විදුලිබල ක්ෂේත්‍රයේ විශාල ප්‍රගතියක් සඳහා මග විවර කරනු ඇතැයි අමාත්‍යවරයා විශ්වාසය පළ කළේය.
අතීතයේදී විදුලි බල ක්ෂේත්‍රය වෙළඳපොළ ක්‍රමයකට ප්‍රතිසංස්කරණය කිරීම පිළිබඳ සාකච්ඡා ඇති වුවද, එවකට පාලකයින්ගේ අරමුණ වූයේ විදුලි ගාස්තු ඉහළ නංවා මහජනයාට බර පැටවීම බව ඔහු පෙන්වා දුන්නේය.
රටේ විදුලි අර්බුද ස්වාභාවිකව ඇති වූ ඒවා නොවන බවත්, අතීතයේදී හදිසි මිලදී ගැනීම් වැනි දේ සඳහා කෘත්‍රිමව අර්බුද නිර්මාණය කර ඇති බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.
කුඩා රටක් ලෙස ශ්‍රී ලංකාවට විදේශ ආයෝජන ආකර්ෂණය කර ගැනීම අතිශයින් වැදගත් බවද ඔහු වැඩිදුරටත් පැවසීය.
2025 අගෝස්‍තු 07, පෙ.ව. 12:28
2025 අගෝස්‍තු 07, පෙ.ව. 12:23
2025 අගෝස්‍තු 07, පෙ.ව. 12:13
2025 අගෝස්‍තු 07, පෙ.ව. 12:11
2025 අගෝස්‍තු 07, පෙ.ව. 12:11
07-08-25
07-08-25
07-08-25
07-08-25
07-08-25
07-08-25
07-08-25
07-08-25
07-08-25
07-08-25
06-08-25
06-08-25
06-08-25
06-08-25
06-08-25
06-08-25
06-08-25
06-08-25
06-08-25
06-08-25
06-08-25
06-08-25
06-08-25
06-08-25