hit counter

2024 සැප්‍තැම්‍බර් මස 07 වන සෙනසුරාදා

2023 ජූනි 23, පෙ.ව. 10:51



අතීතයේ මුලතිව් දිස්ත්‍රික්කය පුරා විහිදී පැවති සිංහල  ශිෂ්ටාචාරය  පිළිබඳ තොරතුරු අනාවරණය කරන පුරාවස්තු  දෙමළ නිජබිම අසත්‍යක් යැයි ලොවට හඬ ගා කියන බැවින් එම පුරාවස්තු බෙදුම්වාදීන්ගේ ඇසෙහි ඇනුණු කටුවක් බවට පත්ව ඇතැයි පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල මහතා පවසනවා.

අහිංසක දෙමළ ජනතාවට මේ පන්සලත් සමග සුහදව කටයුතු කර ඔවුන්ගේ ප්‍රශ්න බේරා ගැනීමට ඉඩ දී දෙමළ දේශපාලනඥයින් අයින් වී සිටියොත් රටේ උරුමය රැක ගැනීම මෙන්ම ජාතික සමගිය රැක ගැනීමටද හැකි බවද හෙතෙම කියා සිටියා.

ඒ මහතා මේ බව සඳහන් කර සිටියේ ඓතිහාසික කුරුන්දි විහාර පරිශ්‍රයේ නිරීක්ෂණ චාරිකාවකට එක් වෙමින්. 

“පිවිතුරු හෙළ උරුමය විදිහට අපි අද කුරුන්දි විහාරයට ආවේ වසර 2100 ක් පමණ පැරණි පුරාවිද්‍යාත්මක වැදගත්කමක් තිබෙන මෙම ස්ථානය ජනතාව අතර බෙදා දීමට ආණ්ඩුව ගත තීරණයත් එක්ක. ඒ මේ ස්ථානය අප රැක ගත යුතුයි කියන අධිෂ්ඨානයෙන්. අපි මෙහිදී ඉතා වැදගත් කාරණයක් දැක්කා. දෙමළ දේශපාලකයා සහ දෙමළ ජනතාව අතර බරපතළ වෙනසක් තියෙනවා. දෙමළ ජනතාව අතර ජාතිවාදය අවුස්සන්න හදන දෙමළ දේශපාලකයන් දෙමළ ජනතාව ප්‍රතික්ෂේප කරනවා කියන එක අපි අද දැක්කා.  හිටපු පළාත් සභා මන්ත්‍රී  මන්ත්‍රි රවි හරන්  විසින් අපේ ගමණට එරෙහිව සංවිධානය කරන ලද  උද්ඝෝෂණය සඳහා පැමිණ සිටියේ 26 දෙනයි.  එම නිසා අපි එන්නත් කලින් රවිහරන් තම උද්ඝෝෂකයන් ද රැගෙන පිටත් වෙලා තියෙනවා. ඒ වගේම මෙම පුරාවිද්‍යා ප්‍රදේශයේ වන රක්ෂිතයේ වගා කටයුතු සිදු කළ පුද්ගලයන් අපව ඉතා සුහදව පිළිඅරගෙන ඔවුන්ගේ ප්‍රශ්න ඔවුන්ගේ දුක්ගැනවිලි අපට ඉදිරිපත් කළා.

අපි දෙමළ ජනතාවට කිව්වෙ ඔයගොල්ලන්ගෙ ජීවිකාව රැකෙන්නත් ඕනෑ.  ඒ වගේම ලෝක උරුමයක් වෙච්ච අපේ පුරාවස්තු, මෙම භූමිය රැකෙන්න ඕනෑ.  එම නිසා ඔබේ ඉඩම පුරාවිද්‍යා වටිනාකමක් තියෙනවා නම් වගාව සඳහා වෙනත් භූමියක් ඔබට තෝරා ගැනීමට සිදුවන බවයි. අහිංසක දෙමළ ජනතාවට මේ පන්සලත් එක්ක සුහදව කටයුතු කරලා ඔවුන්ගේ ප්‍රශ්න බේරා ගැනීමට ඉඩ දීලා දෙමළ දේශපාලඥයන් අයින් වෙලා හිටියොත් රටේ උරුමය රැක ගැනීම වගේම ජාතික සමගිය රැකගන්න පුළුවන් කියන එක අද අපි ප්‍රායෝගිකව අත් වින්දා. කුරුන්දි කියන්නේ පුරාවිද්‍යා වටිනාකමක් තියෙන පන්සලක් විතරක් නෙමෙයි. මේක අනුරාධපුර  යුගයේ තිබුණු ප්‍රාදේශීය නගරයක්. දැවැන්ත ජනාවාසයක්.  මෙහි පුරාවිද්‍යා නටබුන් මේ ප්‍රදේශය පුරා විසිරී තිබෙනවා.

වසර දෙදහසකට පමණ කලින් අතීතයේ අප යකඩ උඳුන් හාවිතා කරලා යකඩ නිෂ්පාදනය කරපු ආකාරය මෙම ස්ථාන වලින් හමුවී තිබෙනවා. ඒවා පිළිබඳ පර්යේෂණ කිරීමෙන් ලෝක ඉතිහාසයේ තාක්ෂණය පිළිබඳ තියෙන මතවාදයන් පවා වෙනස් විය හැකියි.  එම නිසා  ජනතාවට කුඹුරු කිරීමට පුලුවන්. නමුත් ලෝක උරුමයක් ඒ වෙනුවෙන් කැප කිරීමට විනාශකිරීමට දෙන්න බෑ. එම නිසා මෙම ස්ථානය බෙදුම්වාදීන්ගෙන්,බෙදුම්වාදින්ගේ ග්‍රහහනයට හසුවී තිබෙන ආණ්ඩුවෙන් බේරා ගැනීමට මෙම ස්ථානය බාර ගල්ගමුවේ සාන්තබෝධි නායක හාමුදුරුවන් වහන්සේ දරන ලබන වෙහෙසට අපට දිය හැකි සම්පූර්ණ සහයෝගය දෙන බව ශපථ කරන්නටයි අද අපි මෙහි පැමිණියේ. ලංකාවේ පැරණිතම චෛත්‍යක් වගේම අපේ ඉපැරණි ශිෂ්ටාචාරයේ  මුල් යුගයේ කතාව  ලෝකයටම කියන්න තියෙන ස්ථානයක් මේක. මේ සිංහල ශිෂ්ඨාචාරය මුලතිව් දිස්ත්‍රික්කය පුරා පැතිරී තිබෙන මහා ජනාවාසයක් කියලා හෙළිදරව් වුනොත් නිජබිම් කතාව එතනින්ම මිත්‍යාවක් වෙනවා.

දෙමළ නිජබිම බොරුවක් කියන එක නිහඬව ලොවට හඬ ගා කියන සාක්ෂි තමයි මේ ප්‍රදේශය පුරා පැතිර පවතින පුරාවස්තු. අපි ඇස් දෙකට දැක්කා පුරාවස්තු ක්‍රමානුකූලව විනාශ කිරීමට මේ දේශපාලකයන් යොදාගෙන ඇති උපක්‍රමයන්. මෙතන කෝවිලක්, මෙතන වගා බිමක් යනාදී වශයෙන් පුරාවිද්‍යා වටිනාකමින් යුතු ස්ථාන පිළිබඳවම කියන්නේ බෙදුම්වාදීන්ගේ ඇහෙහි ඇණුන කටුව තමයි වසර දෙදහසකටත් වඩා පැරැණි සිංහල ඉතිහාසයක් මේ මුලතිව් දිස්ත්‍රික්කය පුරාම පැතිර තිබීම. අපේ උරුමයක් විතරක් නෙවෙයි ලෝක උරුමයක්.  ඒක විනාශ කිරීමට ඉඩ තබන්නේ නෑ කියලා අපි ජාතිය හමුවේ ප්‍රකාශ කරනවා.”