2023 නොවැම්‍බර් 23, පෙ.ව. 10:04
“මාව වොෂින් මැෂින් රූම් එකට ඇදන් ගිහින් මට ගහලා බිම දාල පාගල ස්කුරුප්පු ඇණ දෙකක් සහ යකඩ බෝලයක් දුන්නා බීපන් කියලා. බිව්වෙ නැත්නම් මගේ රත්තරන් බඩු ඔක්කොම දාල පොලිසියට අල්ලල දෙනවා කියලා ඒ ගෙදර ගෑණි කිව්වා. මම බිව්වා. එතකොට එක ඇණයක් මගේ උගුරෙ හිර උනා. මට හුස්ම ගන්න බැරි උනා.” මෙසේ පැවසූවේ සෞදි අරාබියේ ගෘහ සේවය සදහා ගොස් එහිදී පහර කෑම් වලට ලක් වී ඉන් අනතුරුව ස්කුරුප්පු ඇණ දෙකක් සහ යකඩ බෝලයක් ගිල්වා , රෝගාතුර වී මෙරටට එවා තිබූ ගෘහ සේවිකාවක්.
ඇය මතුගම, නෑබඩ පදිංචි 32 හැවිරිදි රාමචන්ද්‍රන් දර්ශනී නැමැති තිදරු මවක්.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ දර්ශනී මෙසේ පැවසුවා.
“මම 09.17 දින සෞදි අරාබියේ මදීනා වල නිවෙසක ගෘහ සේවය සදහා ගියා. ඒ ගෙදර වැඩ කළ සේවිකාව පැනල ගිහිල්ලා. එයාගෙ රෙදි බෑග් සේරම ඒ ගෙදර තිබුණා. ඒ ගෙදර අයිති කාන්තාව මට හැමදාම ගැහුවා, බැන්නා, පිච්චුවා. ඒත් මම ඒ ගෙදර වැඩ කළා. ඒ ගෙදර පිරිමි ළමයා නාන්න ගිහින් ෂැම්පු හලලා. මම බාත් රූම් එක හෝදන්න ගියාම, ඒවා පෑගිල, මාව ලිස්සල වැටුනා. ඒ වෙලේ මගේ කොන්දයි ඔලුවයි බිම වැදුනා. මට අමාරුයි , වැඩ කරන්න බෑ කිව්වා. බාබා යනකල් ඉදල , ඒ ගෙදර කාන්තාව මට ගහල , කාමරේකට දාල වැහුවා. ඊට පස්සෙ තමයි මාව වොෂින් මැෂින් රූම් එකට අරන් ගිහින් ඇණ ගිල්ලුවෙ.” යැයි දර්ශනී පැවසුවා.
මම මේ ගැන ලංකාවෙ ඒජන්සියට කතා කරල කිව්වම , ඒකෙ හිටිය කාන්තාව මට කුණුහරුපෙන් බැනල, ඒ ගෙදරට ගිහින් වැඩ කරපිය කියල කිව්වා.
දර්ශනී රැගෙන යාම සදහා ඇයගේ ස්වාමිපුරුෂයා වූ මාරිමුත්තු නිලන්ත කුමාර කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටියා.
ඔහු එම ප්‍රදේශයේ වෘත්තියෙන් පොල් කඩන්නෙක්.
ඔහු සිය අදහස් දක්වමින් “අපේ ගෙදර ලග ඉන්නවා සෞදි අරාබියේ එම්බසියේ වැඩ කරන මහත්තයෙක් . මම එයාට ගිහින් කිව්වා මේ ගැන . එයා මට දර්ශනී ඉක්මනට ගෙනත් දෙන්න උදව් කළා.”
2025 මැයි 16, පෙ.ව. 10:12
2025 මැයි 16, පෙ.ව. 9:46
2025 මැයි 16, පෙ.ව. 12:35
2025 මැයි 16, පෙ.ව. 12:27
2025 මැයි 16, පෙ.ව. 12:16