hit counter

2024 සැප්‍තැම්‍බර් මස 07 වන සෙනසුරාදා

2022 අගෝස්‍තු 05, පෙ.ව. 6:59



ලංකා පොහොර සමාගම විසින් සහනාධාර පොහොර තොග නිසි කළමණාකරණයෙන් යුතුව බෙදාහැරිමට කටයුතු නොකිරිම හේතුවෙන් රජයට රුපියල් පන්කෝටි තිස්අට ලක්ෂ දාහතරදහස් හයසියක පාඩුවක් වී තිබෙනවා.

ජාතික විගණන කාර්යාලය මගින් ලංකා පොහොර සමාගම සම්බන්ධයෙන් 2020 වර්ෂයට අදාලව නිකුත්කොට ඇති විගණන වාර්තාවේ මේ බව සඳහන්.

2019 වර්ෂය තුල රුපියල් හාර කෝටි විසිඅට ලක්ෂ අටදහස් දෙසියක් පමණ වටිනා පොහොර මෙට්‍රික්ටොන් 671.47ක් සහ 2020 වර්ෂය තුල රුපියල් එක්කෝටි තිස්පන්ලක්ෂ විසිහයදහස් හාරසියයක් වටිනා සහනාධාර පොහොර මෙට්‍රික්ටොන් 225,44ක් ගොවීන් වෙත බෙදාහැරිමට නොහැකි ලෙස හානියට පත්විම හේතුවෙන් රජයට මෙකී අලාභය සිදු වී ඇති බව විගණනය මගින් අනාවරණය කර තිබෙනවා.

කෙසේවුවද ලක් පොහොර සමාගමේ කළමණාකාරිත්වය විසින් විගණනයට මේ සම්බන්ධව ප්‍රකාශ කොට ඇත්තේ විගණන වාර්තාවේ රුපියල් මිලියන 53.8ක අලාභයක් සඳහන් වුවද එය බෙදාහැරිමේ අකාර්යක්ෂමතාවයක් මත සිදුවුවක් නොවන බවයි.

විවිධ හේතුමත වසර පහක සිට පොහොර ගබඩාවලින් නිකුත් නොවී ඉතිරිව තිබු පොහොර තොග ප්‍රධාන ගබඩා සංකිර්ණයේ වෙනම ස්ථානයක ගබඩාකර තිබු බව හෙළි වී තිබෙනවා.

මෙකී පොහොර තොග සම්බන්ධයෙන් ගබඩාවේ ඉඩකඩ ඇහිරි තිබිම නිසා අධ්‍යක්ෂක මණ්ඩලය වෙත ඉදිරිපත්කොට  අමාත්‍යංශයේ ලේකම්වරයාගේ අනුමැතිය මත රජය විසින් පවත්වාගෙන යනු ලබන ගොවිපොළවල් ත්‍රිවිධ හමුදාව, සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව, බන්ධනාගාර වැනි රාජ්‍ය ආයතන වෙත නොමිලේ නිකුත් කිරිමට කටයුතු කර බව සඳහන්.

සමාගමට අලාභයක් සිදුනොවන අයුරින් කටයුතු කළ යුතු බවට විගණනය මගින් නිර්දේශ කර තිබෙනවා.

ගාල්ල – ලලිත් චාමින්ද