2025 අගෝස්‍තු 29, පෙ.ව. 12:02
වත්මන් ආණ්ඩුව බලයට පත් කිරීමට එළියට බැස්ස රාජ්‍ය සේවකයන්ට,කම්කරුවන්ට සහ වෘත්තිකයන්ට අද ඔවුන්ගේ දුක කියන්න කෙනෙක් නැති තැනට පත්ව ඇතැයි හිටපු ආණ්ඩුකාර ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා පැවසීය.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවේදී ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා මේ බව ප්‍රකාශ කළේය.
සාමාන්‍ය මිනිස්සුන්ගේ ආණ්ඩුවක් ලෙස බලයට පත්වුණද, එහෙත් ආණ්ඩුව මේ වන විට ජනතාව පීඩනයට ලක්කර ඇති බවද හෙතෙම කීවේය.
ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා වැඩිදුරටත් මෙසේද පැවසීය.
අපේ ආණ්ඩු කාලයේ රාජ්‍ය සේවය මර්දනයක් කළේ නැහැ. ඔවුන්ට හැම අයිතිවාසිකමක්ම ලබලා දුන්නා. ඒ වගේම ඔවුන්ගේ අයිතිවාසිකම් පිළිබඳව ඇහුම්කන් දුන්නා. නමුත් මේ ආණ්ඩුවෙන් රාජ්‍ය සේවකයන්ට ඇහුම්කන් දෙනවා පේන්නේ නැහැ. එකක් මතක තබා ගත යුතුයි මේ රාජ්‍ය සේවකයෝ, කම්කරුවෝ පාරට බැහැලා තමයි වත්මන් ආණ්ඩුව බලයට පත්කළේ. එහෙත් අද ගොවීන්ට, කම්කරුවන්ට රාජ්‍ය සේවකයන්ට ඔවුන්ගේ දුක කියන්න කවුරුත් නැහැ. සියලුදෙනාම අද පීඩනයට පත්වෙලා තිබෙනවා.
මේ ආණ්ඩුව බලයට පත් කළේ අවුරුදු 76ක් දේශපාලනය කරපු පක්ෂ දෙක සහ සන්ධානගත දේශපාලන පක්ෂ මේ රට විනාශ කළා කියලා ජනගත කරලා. එලෙස ජනගත කළාට එය නොවේ යථාර්ථය. ඒ ආණ්ඩුව මේ සංවර්ධනය ඉදිරියට ගෙනිච්චා. අඩුපාඩු තිබෙන්න ඇති, නමුත් මේ පිරිසට වඩා සිය දහස් ගුණයක් හොඳින් රට ගෙනිච්ච බව මහජනතාව පිළිගත යුතුයි. අපි තිස්වසරක යුද්ධයත් සමඟ 2009 සිට කරපු සංවර්ධනය සහ 2009 වෙනකන් යුද්ධයක් ජනතාවට තිබෙනවා කියලා දැනෙන්නේ නැති විදිහට, පීඩනයක් දැනෙන්නේ නැති විදිහට ගෙනියන්න පුළුවන්කම ලැබුණා. නමුත් අද මේ සියලුදේත් එක්කම හැම දෙනාම පීඩනයට පත්වෙලා තිබෙනවා. එම නිසා අපි ජනතාවට කියන්නේ අපි එකතු වෙලා මේ තත්ත්වය වෙනස් කළ යුතුයි. එය කළ හැකි දෙයක්. ඒ සඳහා පෙළ ගැසෙන්න යැයි ඉල්ලා සිටිනවා.
2025 අගෝස්‍තු 29, පෙ.ව. 12:13
2025 අගෝස්‍තු 29, පෙ.ව. 12:11
2025 අගෝස්‍තු 29, පෙ.ව. 12:09
2025 අගෝස්‍තු 29, පෙ.ව. 12:08
2025 අගෝස්‍තු 29, පෙ.ව. 12:03
29-08-25
29-08-25
29-08-25
29-08-25
29-08-25
29-08-25
28-08-25
28-08-25
28-08-25
28-08-25
28-08-25
28-08-25
28-08-25
28-08-25
28-08-25
28-08-25
27-08-25
27-08-25
27-08-25
27-08-25
27-08-25
27-08-25
27-08-25
27-08-25