hit counter

2025 මැයි මස 31 වන සෙනසුරාදා

2025 මැයි 30, ප.ව. 1:59



හිටපු ඇමතිවරු දෙදෙනෙකු වන මහින්දානන්ද අලුත්ගමගේ සහ නලීන් ප්‍රනාන්දු රජයේ මහජන මුදල් රුපියල් මිලියන 53ක් අවභාවිතා කිරීම පිළිබඳ කැරම්බෝඩ් නඩුව ලෙස ප්‍රසිද්ධ වූ නඩුවේ වැරදිකරුවන් වී බරපතල වැඩ සහිතව වසර් 20කට සහ 25කට සිරගත වූ තීන්දුව ලබා දී පැය කිහියක් ගෙවී යද්දී මේ වනවිට එම නඩු ගොනුවේ ලිපිලේඛණ කටයුතු සැකසීමේ භාරධූර්ය කටයුත්ත සිදු කළ මෙරට සිටි කීර්තිමත් විගණකාධිපති නිලධාරියෙකු වන ලලිත් අඹන්වල ගැන සමාජ මාධ්‍ය තුළ ඉතා ප්‍රසංසනීය කතාබහක් මතුව තිබේ.

“පිදිය යුතු ලලිත් අඹන්වල පුදමු…”

ලලිත් අඹන්වල කියන්නේ මධ්‍යම පළාතේ හිටපු විගණන අධිකාරීවරයෙක්.

2001 දී වගේ මහනුවර හිටපු අධ්‍යාපන අධ්‍යක්‍ෂ ආනන්ද මුණසිංහ සහ ප්‍රධාන ගණකාධිකාරි ආනන්ද වීරසිංහ එක්ක තව කීප දෙනෙක් ලොකු මූල්‍ය වංචාවකට හවුල් වෙලා රජයේ මුදල් ලොකු ප්‍රමාණයක වංචාවක් කරනවා.

මේ වැඩේ අහුවෙන්නේ ලලිත් අඹන්වලට.

මුලදී ඔහුව රුපියල් කෝටියකට ගන්න උත්සාහ කරත් ඒක අසාර්ථක වුණායින් පස්සේ ඔහුට අනේකවිධ තර්ජනවලට මුහුණ දෙන්න වෙනවා.

දිගින් දිගටම ආපු මරණ තර්ජන අස්සේ එක සැරයක් වාහනේ උඩට පරණ ගෙයක් කඩලා දාලා අනතුරක් විදියට පෙන්නන්න උත්සාහා කරනවා. එතනින් ලලිත් අඹන්වල බේරෙනවා.

පස්සේ කාලෙකදී මහනුවර අස්ගිරිය පොලිස් ක්‍රීඩාංගණය අසලදී ඔහු තම දියණිය සමග කාරයේ සිටියදී ඇසිඩ් ප්‍රහාරයකට ලක් වෙනවා.

ඒ වෙනුවෙන් ෆයිල් කරපු නඩුවේ තීන්දුව දෙන්නේ මහනුවර උසාවියේදී ප්‍රීති පද්මන් සූරසේන විසින්.

ඒ විත්තිකාරයො 10 දෙනාටම 80 ක සිර දඬුවම් නියම කිරීම. මිනීමැරීමට තැත් කිරීම තමයි චෝදනාව.

පසුව ඇසිඩ් ප්‍රහාරයෙන් විනාශ වුණු විකෘති වුණු මූණක්, හොඳට පේන එක ඇහැක් එක්ක ලලිත් අඹන්වල නැවත සේවයට වාර්තා කරනවා.

වන අලි 21 එකක් රඳවා තබාගැනීම,

මුද්‍රණ සංස්ථාවෙ කෝටි 6ක හොරකම,

මධ්‍යම සංස්කෘතික අරමුදලෙ කෝටි 5ක කේස් එක,

උතුරුමැද පළාතෙ කෝටි 70ක පොහොර වංචාව,

කෘෂිකර්ම අමාත්‍යාංශයෙ කෝටි 58ක වංචාව

වගේ ගොඩක් වංචාවන් අනාවරණය වෙන්නේ ලලිත් අඹන්වලගේ වැඩ නිසා.

ලලිත් අඹන්වල 2021 දී ජීවිතයෙන් සමුගන්නවා.

මේ වගේ රාජ්‍ය නිලධාරීන් දහස් ගණනින් මෙරට පහල වුණා නම් මේ රට ඔය කියන විදියේ සිංගප්පූරුවක් කරන්න පුළුවන් වෙයි…

තොරතුරු Dinesh Gamage ගෙන්.

උපුටා ගැනීම විකුම් හර්ෂණගේ මුහුණුපොතින්





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: