hit counter

2024 මැයි මස 03 වන සිකුරාදා

2023 ජූලි 26, පෙ.ව. 9:48



හන්තාන වතුයායේ ඉඩම් කට්ටි කිරීමේ වැඩසටහන වහාම අත්හිටුවන ලෙස මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතිඥ ලලිත් යු.ගමගේ මහතා අදාළ නිලධාරීන්ට උපදෙස් දී තිබෙනවා.

අධි සංවේදී පරිසර කලාපයක් වන හන්තානේ ඉඩම් කැබලි විස්සක් වෙන් කොට බෙදා දීමට ජනතා වතු සංවර්ධන මණ්ඩලය ගෙන ඇති තීරණය පිළිබඳව අවධානය යොමු කරමින් ආණ්ඩුකාරවරයා මෙම තීරණය ගෙන ඇති බව සදහන්.

මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී ඊයේ පැවති දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවට හන්තාන වත්ත පහළ එක්සත් සුභසාධක සංගමය ඉදිරිපත් කළ ලිපිය සලකා බලමින් ආණ්ඩුකාරවරයා මෙම නියෝගය සිදුකර තිබෙනවා.

අධි සංවේදී පරිසර කලාපයක් මෙන්ම, ජල පෝෂක ප්‍රදේශයක් වන හන්තාන පරිසර පද්ධතිය තුළ පරිසර ආරක්ෂණය පිළිබඳව අවධානය යොමු විය යුතු යැයි පෙන්වා දුන් ආණ්ඩුකාරවරයා ඉඩම් කට්ටි කිරීම පිළිබඳව තවදුරටත් විමර්ශනය කළ යුතු බවද පෙන්වා ඇත.

දේශපාලන වාර්තාකරු





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: