2025 මාර්තු 13, පෙ.ව. 12:20
අඩු මිලට මද්‍යසාර බෝතලයක් හඳුන්වා දීමට කටයුතු කරන බවට සුරාබදු කොමසාරිස්වරයා සහ එහි නිලධාරීන් විසින් ඉදිරිපත් කර ඇති යෝජනාව නව රජය අපහසුතාවයට පත් කිරීමට ඉදිරිපත් කරන ලද්දක් බවට ප්‍රබල සැකයක් මතුවන බව මද්‍යසාර හා මත්ද්‍රව්‍ය තොරතුරු මධ්‍යස්ථානය පවසනවා.
නිවේදනයක් නිකුත් කරමින් එම මධ්‍යස්ථානය පෙන්වාදෙන්නේ පොහොසත් රටක්, ලස්සන ජීවිතයක් යන නව රජයේ දැක්මට 100% පටහැනි මෙවැනි යෝජනාවක් ඉදිරිපත් කිරීම ජනපති සහ නව රජය අපහසුතාවයට පත් කිරීමට ඉදිරිපත් කළ එකක් බවයි.
සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා හා එහි නිළධාරින්ගේ කාර්යය විය යුත්තේ කසිප්පු සහ නීතිවිරෝධී මද්‍යසාර අලෙවි කරන්නන් නීතියේ රැහැනට ගෙන ඒම වන අතර එසේ නොමැතිව රටේ පාලකයන් සහ ජනතාව මුළා කරමින් නීතීවිරෝධී මද්‍යසාර 40% ක් පවතින බව ප්‍රකාශ කරමින් විද්‍යාත්මක බවක් නොමැති මද්‍යසාර සමාගම්වල උවමනාවන් වෙනුවෙන් සිදුකරන ලද අධ්‍යයන මත කරුණු ඉදිරිපත් කිරීම නොවන බව අදාළ නිවේදනයේ සඳහන්.
මද්‍යසාර හා මත්ද්‍රව්‍ය තොරතුරු මධ්‍යස්ථානය නැවතත් සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා සහ ඔහුගේ නිලධාරින්ගේ මෙම යෝජනාව, ඔවුන් අපේක්ෂිත ඉලක්ක කරා කිසිසේත්ම ළඟා විය නොහැකි විද්‍යාත්මක සාක්ෂි නොමැති යෝජනාවක් බව අවධාරණය කර සිටින මද්‍යසාර හා මත්ද්‍රව්‍ය තොරතුරු මධ්‍යස්ථානය, සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා සහ ඔහුගේ නිලධාරින්ගේ මෙම යෝජනාව තුළින් අපේක්ෂිත අරමුණු ඉටු නොවන්නේ කෙසේද යන්න පහත කරුණු වලින් සනාථ වන බවයි ඔවුන් පෙන්වාදෙන්නේ.
ඒ අනුව,
1.නීත්‍යානුකූල මද්‍යසාර වල මිල අඩු කිරීමෙන් නීත්‍යානුකූල නොවන මද්‍යසාර පාලනය කළ හැකි බව පැවසීම මිත්‍යාවක් බව.
2. නීත්‍යානුකූල නොවන මද්‍යසාර නිසා රටට අහිමි වන බදු, අඩු මිලට නීත්‍යානුකූල මද්‍යසාර බෝතලයක් හඳුන්වා දීමෙන් වළක්වා ගත හැකි බව.
3.නීත්‍යානුකූල නොවන මද්‍යසාර නිසා ඇති වන සෞඛ්‍ය හානිය අවම කිරීමට, අඩු මිලට නීත්‍යානුකූල මද්‍යසාර බෝතලයක් හඳුන්වා දිය යුතුය.
ලොව පුරා සිදුවන වළක්වා ගත හැකි මරණ වලින් 10න් 8කටම හේතුවක් වන බෝ නොවන රෝග (NCD) ඇති වීමට බලපාන ප්‍රධාන සාධක 4න් 1 ක් ලෙස මද්‍යසාර භාවිතය පෙන්වා දී ඇති අතර රටක මද්‍යසාර පරිභෝජනය ඉහළ යාම එම රටේ මරණ හා රෝගාබාධ ඇති වීම ඉහළ යාමට බලපාන ප්‍රධාන සාධකයක් බවට ද හඳුනාගෙන තිබෙනවා.
මද්‍යසාර භාවිතය, දිනකට ශ්‍රී ලාංකිකයන් 50 දෙනකු පමණ මරණයට පත්කරන අතර වසරකට ශ්‍රී ලාංකිකයන් 20000ක් පමණ මරණයට පත්කරනවා.
ලෝක සෞඛ්‍ය සංවිධානයට අනුව රටක සිදු විය යුත්තේ මද්‍යසාර සහ දුම්වැටි වල බදු ඉහළ දමමින් භාවිතය පාලනය කිරීම සඳහා කටයුතු කිරීම බව සඳහන් කරන මද්‍යසාර හා මත්ද්‍රව්‍ය තොරතුරු මධ්‍යස්ථානය, නට මද්‍යසාර භාවිතා කරන පිරිස් භාවිතා කරන මද්‍යසාර ප්‍රමාණය අවම කිරීමටත්, අලුතින් පිරිස් මද්‍යසාර භාවිතය සඳහා යොමු වීම අවම කිරීමටත් ඇති ප්‍රතිඵලදායක ක්‍රමෝපායක් ලෙස සුරා බදු වැඩි කිරීම ලෝක සෞඛ්‍ය සංවිධානය ඇතුළු මේ සම්බන්ධයෙන් පර්යේෂණ කරන ආයතන විද්‍යාත්මකව තහවුරු කර ඇති බවයි පෙන්වාදෙන්නේ.
සුරාබදු දෙපාර්තමෙන්තුව කළ යුතුව ඇත්තේ මද්‍යසාර බදු නිවැරදිව අය කර ගනිමින් නීත්‍යානුකූල නොවන මද්‍යසාර වැළැක්වීමට සහ වෙළඳපොළ තුළ ඇති සුරාබදු නොගෙවා අළෙවියට ඇති මද්‍යසාර හඳුනා ගැනීමත් ඒවා වෙළද පොළට නිකුත් කළ කූඨ ව්‍යාපාරිකයන් නීතියේ රැහැනට ගෙන ඒමත්, එවැනි තත්වයන් ඇති වීම වැළැක්වීමට කටයුතු කිරීමත් බව එම මධ්‍යස්ථානය සඳහන් කරනවා.
තවද සුරාබදු දෙපාර්තමේන්තුවේ කාර්යභාරය විය යුත්තේ පොහොසත් රටක් ලස්සන ජීවිතයක් යන ජනාධිපතිවරයාගේ සහ රජයේ උත්සාහය සාර්ථක කිරීම වන අතර එසේ නොමැතිව නීත්‍යානුකූල නොවන මද්‍යසාර අවම කිරීමේ මුවාවෙන් මද්‍යසාර මිල අඩු කරමින්, රටේ ජනතාවගේ මද්‍යසාර භාවිතය වැඩි කර මද්‍යසාර සමාගම්වලට වාසි සහගත තත්වයක් ඇති කරමින්, ජනතාව මද්‍යසාර උගුලේ සිර කිරීමට කටයුතු නොකළ යුතු බවයි මද්‍යසාර හා මත්ද්‍රව්‍ය තොරතුරු මධ්‍යස්ථානය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ.
2025 මාර්තු 13, පෙ.ව. 12:26
2025 මාර්තු 13, පෙ.ව. 12:23
2025 මාර්තු 13, පෙ.ව. 12:23
2025 මාර්තු 13, පෙ.ව. 12:14
2025 මාර්තු 13, පෙ.ව. 12:12
13-12-23
13-12-23
10-12-23
10-12-23
09-12-23
09-12-23
12-10-23
12-10-23
11-10-23
11-10-23
17-09-23
17-09-23
07-09-23
07-09-23
01-09-23
01-09-23
13-12-22
13-12-22
04-11-22
04-11-22
05-10-22
05-10-22
26-09-22
26-09-22