hit counter

2024 සැප්‍තැම්‍බර් මස 07 වන සෙනසුරාදා

2022 ජූනි 16, පෙ.ව. 8:22



මේ වනවිට ගොඩබාමින් සිටින ගෑස් නෞකාවට අමතරව ඉදිරි දින කිහිපය සඳහා ගෑස් ආනයනය කිරීමට පැවති පාලනාධිකාරිය සැලසුම් සකස් කර නැතැයි ලිට්‍රෝ ගෑස් සමාගමේ නව සභාපති මුදිත පීරිස් මහතා හෙළිදරව් කළා.

ඔහු මේ බව ප්‍රකාශ කළේ, ඊයේ (15) පෙරවරුවේ සිය ධූරයේ වැඩ භාර ගැනීමෙන් පසු මාධ්‍ය වෙත අදහස් දක්වමින්.

එහිදී වැඩිදුරට ත් අදහස් දැක්වූ ඒ මහතා “මේ තියෙන විශාල අර්බුදය විසඳන්න බැරි වෙයි කියන එක කනගාටුවෙන් වුණත් ප්‍රකාශ කරන්න වෙයි. මේ නැව ආවට පස්සේ එක ම නැවක්වත් schedule කරලා නැහැ. වගකීම් විරහිත භාවයකින් කටයුතු කරපු බවක් මට පේන්නේ. ගොඩබාන කොට සල්ලි දෙන්නම් කියලා නැව් දින වකවානු හරි කතා කර ගෙන තීරණය කරන්න තිබ්බා එහෙම දෙයක්වත් නැහැ හිස්. මහ මුහුද විතරයි මට පේන්නේ.

මට යුතුකමක් වගකීමක් තියෙනවා ඇත්ත තත්ත්වය හෙළිදරව් කරන එක. සාමාන්‍යයෙන් බලාපොරොත්තු වෙනවා දින 14ක කාලයක් යයි කියලා මේ සාකච්ඡා මට්ටමෙන් අවශ්‍ය කොන්දේසි සම්පූර්ණ කරපු ඒ සැපයුම්කරුවට ලබා දීලා ඉවර වෙලා ඒ නැව් මෙහෙට ගේන්න. ඒ දින 14 ක කාලය තුළ ඒක ගේනකම් ඒ කටිටියට අපට පුළුවන් ද ඊට ඉස්සෙල්ලා ගෑස් නැව් දෙකක් දින කිහිපයක් ඇතුළත ගෙන්නන්න ඉඩ තියෙනව ද කියන එක අපි බලනවා. අමාරුකම දැනගෙනමයි මේක භාර ගත්තේ ගෑස්. අර්බුදය විසඳන්න නායකත්වය ලිට්‍රෝ ගෑස් ආයතනයට දෙන්න මට පුළුවන් කියන විශ්වාසය තියෙනවා.” යැයිද ඔහු වැඩිදුරටත් සඳහන් කළා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: