hit counter

2025 නොවැම්‍බර් මස 15 වන සෙනසුරාදා

2025 නොවැම්‍බර් 16, පෙ.ව. 12:06



අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍යංශය මගින් ක්‍රියාත්මක කරන පොලී රහිත ශිෂ්‍ය ණය යෝජනා ක්‍රමය යටතේ උපාධි පාඨමාලා හැදෑරීම සඳහා සිසුන් බදවා ගැනීමට අයදුම්පත් කැඳවා තිබේ.

ඒ අනුව 2022, 2023 හා 2024 වසරවල උසස් පෙළ විභාගය සඳහා පෙනී සිටි සිසුන්ට මේ සඳහා අයදුම් කළ හැකි බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි.

මෙම ණය යෝජනා ක්‍රමය යටතේ රජය පිළිගත් උපාධි ප්‍රදානය කරන ආයතන 18ක් මගින් පිරිණැමෙන උපාධි පාඨමාලා 131ක් සඳහා අයදුම්පත් ඉදිරිපත් කිරීමට අවස්ථාව සළසා දී තිබේ.

ඒ සඳහා වන අයදුම්පත් අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍යංශ නිල වෙබ් අඩෙවියට පිවිසීමෙන් ලබා ගත හැකි අතර අයදුම්පත් භාර ගැනීම නොවැම්බර් 30වැනිදායින් අවසන් වේ.