hit counter

2026 මාර්තු මස 09 වන සඳුදා

2024 නොවැම්‍බර් 02, ප.ව. 1:31



නීතිවිරෝධී අයුරින් විදේශයකින් මෙරටට ගෙන්වා එකලස් කරන ලද සුඛෝපභෝගි මෝටර් රථයක් භාවිතකිරීමේ චෝදනාවට අදාළව අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගතකළ හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා බන්ධනාගාර රෝහලවෙත මාරුකර යවා තිබෙනවා.

ඉකුත් 31වනදා මිරිහාන පොලීසිය මගින් ලොහාන් රත්වත්තේ මහනුවර, කටුගස්තොට ප්‍රදේශයේදී අත්අඩංගුවට ගනු ලැබීය.

පසුව එදින රාත්‍රියේ මිරිහාන පොලිස් ස්ථානයේ සිට නුගේගොඩ වැඩබලන මහෙස්ත්‍රාත්වරයා හමුවට රැගෙන ආ අතර, එහිදී නොවැම්බර් මස 7 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකිරීමට නියෝග කෙරුණා.

කෙසේ නමුත් නුගේගොඩ වැඩබලන මහෙස්ත්‍රාත්වරයා අවසර ලබා දී තිබුණේ, එහිදී ලොහාන් රත්වත්තේ මහතාට ප්‍රතිකාර ලබාගැනීම සඳහා බන්ධනාගාර රෝහලවෙත යාමටයි.