2023 ජූනි 18, පෙ.ව. 1:00
ඉන්දියාව තුළ සහ ශ්‍රී ලංකාවේ එල්.ටී.ටී.ඊ සංවිධානය යළි ගොඩ නැංවීමේ අරමුණින් නීති විරෝධී අවි සහ මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරත වූ බවට ඉන්දියාවේ දී අත්අඩංගුවට ගත් කිඹුලා ඇලේ ගුණා ඇතුළු මෙරට ප්‍රබල සංවිධානාත්මක අපරාධකරුවන් දහතුනකට එරෙහිව ඉන්දීය ජාතික විමර්ශන ඒජන්සිය චෝදනා පත්‍ර ගොනු කර තිබෙනවා.
ඊයේ දිනයේ අදාළ චෝදනා පත්‍ර ගොනු කර ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ.
එම පිරිස අතර ගුණසේකරන් හෙවත් කිඹුලාඇලේ ගුණා, පුෂ්පරාජා නොහොත් පූකුඩුකන්නා, මෙහොමඩ් අස්මීන්, සුනිල් ගාමිණී ෆොන්සේකා, ස්ටැන්ලි කෙනඩි ප්‍රනාන්දු, ලඩියා චන්ද්‍රසේන, ධනුක රොෂාන්, වැල්ලේ සුරංග, ධනරත්න නිලුක්ෂාන් සහ තිලීපන් යන ශ්‍රී ලාංකිකයින් 10 දෙනා මෙන්ම ඉන්දීය ජාතිකයින් තිදෙනෙකු ද වන බව සඳහන් වෙයි.
මේ අතර ඉන්දීය ජාතිකයින් තිදෙනෙකු වන එම් සිල්වකුමාර්, විග්නේෂ්වර පෙරිමාල් හෙවත් විකී, අයියප්පන් නන්දු යන අයටද ඉන්දීය ජාතික විමර්ශන ඒජන්සිය විසින් චෝදනා පත්‍ර ගොනු කර තිබෙනවා.
ශ්‍රී ලංකාව සහ ඉන්දියාව මුල් කර ගනිමින් දිගු කලක සිට නීති විරෝධී ගිනි අවි සහ මත්ද්‍රව්‍ය ජාවාරම් වල නිරත වූවන් බවට හඳුනාගෙන තිබූ මොවුන් පසුගිය වසරේදී ඉන්දියාවේ තිරුචිහි හිදී සරණාගත කඳවුරක රැඳී සිටියදී අත්අඩංගුවට ගෙන තිබුණා.
පාකිස්තානයේ අවි සහ මත්ද්‍රව්‍ය සැපයුම්කරුවකු වන හාජි සලීම් නම් ජාවාරම්කරු සමඟ එක්වී කිඹුලාඇලේ ගුණාගේ කණ්ඩායම කටයුතු කර ඇති බවට විමර්ශනවලදී අනාවරණය වී තිබූ බව සඳහන්.
මත්ද්‍රව්‍ය හා අවි ජාවාරම හරහා එල්.ටී.ටී.ඊ සංවිධානයට යළි ගොඩනැංවීමට මුදල් ලබාදීම වෙනුවෙන් මොවුන් කටයුතු කර ඇති අතර එම ජාවාරම් මගින් ලැබෙන ආදායමෙන් සුඛෝපභෝගී ජීවිතයක් ගතකර ඇති බවට ද විමර්ශනවලදී අනාවරණය වූ බව ඉන්දීය ජාතික විමර්ශන ඒජන්සිය චෝදනා පත්‍රයෙන් කරුණු ඉදිරිපත් කර තිබෙනවා.
ජාවාරම සඳහා භාවිත කළ ජංගම දුරකතන, සිම් කාඩ්පත් සහ විවිධ ඩිජිටල් උපාංග, මත්ද්‍රව්‍ය ගනුදෙනුවලට අදාළ ලියකියවිලි මෙන්ම මුදල් හා රත්‍රං තොගයක් ද සැකකරුවන් සතුව තිබී සොයාගත් බවද විමර්ශන නිලධාරීන් පෙන්වාදී තිබුණා.
2025 ජනවාරි 08, පෙ.ව. 12:11
2025 ජනවාරි 08, පෙ.ව. 12:08
2025 ජනවාරි 08, පෙ.ව. 12:08
2025 ජනවාරි 08, පෙ.ව. 12:05
2025 ජනවාරි 08, පෙ.ව. 12:05