hit counter

2025 ඔක්‍තෝබර් මස 18 වන සෙනසුරාදා

2024 මැයි 20, පෙ.ව. 11:58



ලන්ච් ෂීට් භාවිතය සම්පූර්ණයෙන්ම තහනම් කිරීමට මධ්‍යම පරිසර අධිකාරිය පියවර ගෙන ඇත.

දිවයින පුරා තත්ත්වයෙන් බාල ලන්ච් ෂීට් අලෙවිය දිගින් දිගටම සිදුවීම හේතුවෙන්, ලන්ච් ෂීට් සම්පූර්ණයෙන්ම තහනම් කිරීමට කටයුතු යොදා ඇති බව එම අධිකාරිය සදහන් කරයි.

ඒ අනුව එළඹෙන 2025 වසරේ සිට ලන්ච් ෂීට් නිෂ්පාදන, ආනයනය හා අලෙවිය තහනම් කිරීමට අදාළ නීතිමය කටයුතු මධ්‍යම පරිසර අධිකාරිය විසින් සිදු කරයි.

පොලිතීන්වලින් නිෂ්පාදනය කරනු ලබන නොදිරන ලන්ච් ෂීට් නිෂ්පාදනය, අලෙවිය 2021 වසරේ අගෝස්තු මස (01) සිට තහනම් කළ අතර එම දිනයේ සිට ජෛව සායනික ලන්ච් ෂීට් (Biodegradable) භාවිතය අනිවාර්යය කළා.