hit counter

2025 ජූලි මස 25 වන සිකුරාදා

2025 ජූලි 24, පෙ.ව. 12:11



පාර්ලිමේන්තුවේදී තමන්ට සිදුවූ වචන දෝෂයක් සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ එල්ලවන විවේචන පිළිබඳව කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ මහතා සිය කණස්සල්ල පළ කර තිබේ.

ජූලි 22 පාර්ලිමේන්තුවේදී සිදු කළ කතාවක් අතරතුර, “ලෝවැඩ සඟරාවේ” එන සුප්‍රකට “කරන කලට පව් මීරිය මී සේ” කවිය උපුටා දැක්වීමේදී සිදුවූ වරදක් මුල්කරගෙන, තම විනාඩි පහළොවක මුළු කතාවේම හරය නොසලකා හැරීම සම්බන්ධයෙන් ඔහු සිරස නාලිකාවේ “සටන” වැඩසටහනට එක්වෙමින් චෝදනා කළේය.

නියෝජ්‍ය අමාත්‍යවරයා පාර්ලිමේන්තුවේදී සිය කතාව පවත්වමින් සිටියදී, ආගමික සහ සදාචාරාත්මක අගයන් අවධාරණය කිරීම සඳහා “ලෝවැඩ සඟරාවේ” කවියක් උපුටා දැක්වීමට උත්සාහ කළේය. “කරන කලට පව් මීරිය මී සේ” යනුවෙන් ආරම්භ වන මෙම කවිය සිංහල සාහිත්‍යයේ ඉතා ජනප්‍රිය සහ අර්ථවත් කාව්‍ය නිර්මාණයකි.

කෙසේ වෙතත්, උපුටා දැක්වීමේදී යම් වචන දෝෂයක් සිදුවී ඇති අතර, එය සමාජ මාධ්‍ය හරහා වේගයෙන් පැතිර ගියේය.

මහින්ද ජයසිංහ මහතා වෘත්තීය වශයෙන් වසර විස්සකට අධික කාලයක් ගුරුවරයෙකු බැවින්, මෙවන් වැරදීමක් සිදුවීම සමාජ මාධ්‍ය ඔස්සේ දැඩි විවේචනයට ලක් විය. බොහෝ දෙනෙක් ප්‍රකාශ කළේ ගුරුවරයෙකු ලෙස ඔහුගෙන් මෙවන් වැරදීමක් සිදුවීම අනුමත කළ නොහැකි බවයි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: