2025 ඔක්‍තෝබර් 07, පෙ.ව. 12:07
හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා පවසන්නේ චිත්‍රයක් පෙන්වමින්, රස කතන්දර කියමින් සිටින දරුවන් අගයන ඔවුන්ගේ මිතුරා ලෙස මහින්ද රාජපක්ෂට කටයුතු කිරීමට ලැබීම සතුටට කරුණක් බවයි.
ඔහු වැඩිදුරටත් පවසන්නේ මාතෘ භූමියේ අඳුරු යුගය අවසන් කර නිදහස් රටක් දිනා දීමෙන් අප රටේ ආදරණීය දරු පරම්පරාව වෙනුවෙන් මට ලබා දිය හැකි හොඳම දේ මා ලබා දී ඇතැයි සිතන බවයි.
සිය මුහුණු පොතේ සටහනක් තබමින් හිටපු ජනාධිපතිවරයා මේ බව සඳහන් කර තිබුණි.
“කාල්ටන් නිවසට පැමිණි දින සිට ගත වූ බොහෝ දිනයන්හි මේ පොඩි දරුවන් වෙනුවෙන් මාගේ දින චර්යාවෙන් කෙටි කාලයක් හෝ වෙන්ව තිබීම දෛනිකව මා හට නැවුම් අත්දැකීමක් එක් කරන්නකි.
චිත්‍රයක් පෙන්වමින්, රස කතන්දර කියමින් සිටින දරුවන් අගයන ඔවුන්ගේ මිතුරා ලෙස මහින්ද රාජපක්ෂට කටයුතු කිරීමට ලැබීම සතුටට කරුණකි.
මාතෘ භූමියේ අඳුරු යුගය අවසන් කර නිදහස් රටක් දිනා දීමෙන් අප රටේ ආදරණීය දරු පරම්පරාව වෙනුවෙන් මට ලබා දිය හැකි හොඳම දේ මා ලබා දී ඇතැයි සිතනවා.
මේ රටේ දුවාදරුවන්ගේ සිනහවත්, සිහිනත් සැමදා මෙසේ ආරක්ෂා වේවායි ප්‍රාර්ථනා කරමි.
එසේ දරුවන්ගේ සිහින රැක ගනිමින් අකුරුවලින් ලෝකය ද මිනිසත් බවින් ජීවිතය ද කියා දෙන පෙර පාසලේ සිට විශ්ව විද්‍යාල අධ්‍යාපනය දක්වා වූ සියලුම ගුරුවරුන් ද, දහම් අධ්‍යාපනය ලබා දෙන ගුරුවරුන් ද ඇතුළු සියලුම ආදරණීය ගුරු මව්වරුන් ද පියවරුන් ද ලෝක ගුරු දිනය යෙදෙන අද දිනයේදී මහත් ගෞරවයෙන් සිහිපත් කරමි.”
2025 ඔක්‍තෝබර් 07, පෙ.ව. 12:24
2025 ඔක්‍තෝබර් 07, පෙ.ව. 12:22
2025 ඔක්‍තෝබර් 07, පෙ.ව. 12:11
2025 ඔක්‍තෝබර් 07, පෙ.ව. 12:08
2025 ඔක්‍තෝබර් 07, පෙ.ව. 12:06
07-10-25
07-10-25
07-10-25
07-10-25
06-10-25
06-10-25
06-10-25
06-10-25
06-10-25
06-10-25
05-10-25
05-10-25
05-10-25
05-10-25
04-10-25
04-10-25
04-10-25
04-10-25
04-10-25
04-10-25
04-10-25
04-10-25
04-10-25
04-10-25