2025 ඔක්‍තෝබර් 10, පෙ.ව. 12:05
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පදිංචිව සිටි කොළඹ 07, විජේරාම මාවතේ පිහිටි නිවසේ විදුලි හා ජල බිල්පත් හිඟයක් පැවතීම හේතුවෙන් විදුලි සහ ජල සම්පාදන සම්බන්ධතා විසන්ධි කිරීමට 07 සූදානම් වී ඇතැයි වාර්තා වනවා.
ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ නිලධාරීන් ජල සම්බන්ධතාව විසන්ධි කිරීමටත්, රුපියල් ලක්ෂයක හිඟ විදුලි බිල්පතක් ඇති හෙයින් විදුලි බල මණ්ඩලය විදුලිය විසන්ධි කිරීමටත් එහි ගොස් ඇති බව පැවසේ.
මේ වන විට ආරක්ෂක අංශ නිලධාරීන් පමණක් එහි සිටින බැවින් ආපසු හැරී පැමිණ ඇති බවයි ආරංචි මාර්ග සඳහන් කරන්නේ.
මේ සම්බන්ධයෙන් ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ සභාපති චන්දන බණ්ඩාර මහතාගෙන් ‘රජයේ පුවත් පතක්’ කළ විමසීමේදී සඳහන් කර ඇත්තේ, එම නිවසේ රුපියල් ලක්ෂ 6ක හිඟ ජල බිල්පතක් ඇති බවයි.
මෙවැනි හිඟ බිල්පත් සම්බන්ධයෙන් ඉදිරි ක්‍රියාමාර්ග ගැනීමේ සාමාන්‍ය ක්‍රමවේදය අනුව පෙරේදා (07) විජේරාම මාවතේ පිහිටි මෙම නිවසේ ද ජලය අත්හිටුවීම සඳහා ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ සේවකයන් එහි ගොස් ඇති බව ද ඔහු පවසයි.
2025 ඔක්‍තෝබර් 13, ප.ව. 3:11
2025 ඔක්‍තෝබර් 13, ප.ව. 12:44
2025 ඔක්‍තෝබර් 13, පෙ.ව. 10:08
2025 ඔක්‍තෝබර් 13, පෙ.ව. 8:38
2025 ඔක්‍තෝබර් 13, පෙ.ව. 7:43
13-10-25
13-10-25
13-10-25
13-10-25
13-10-25
13-10-25
08-10-25
08-10-25
07-10-25
07-10-25
07-10-25
07-10-25
06-10-25
06-10-25
05-10-25
05-10-25
04-10-25
04-10-25
04-10-25
04-10-25
03-10-25
03-10-25
01-10-25
01-10-25