2025 නොවැම්බර් 09, පෙ.ව. 12:19
ආණ්ඩුවට එරෙහිව විපක්ෂය විසින් සංවිධානය කරනු ලබන, නොවැම්බර් 21 වන දින නුගේගොඩදී පැවැත්වීමට නියමිත දැවැන්ත විරෝධතා රැලියට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සහභාගී නොවන බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසයි.
කෙසේ වෙතත්, එම රැලිය සඳහා සිය පියාගේ පූර්ණ ආශිර්වාදය හිමිවන බව ඔහු අවධාරණය කළේය.
මෙම රැලිය පිළිබඳව මාධ්‍ය වෙත අදහස් දක්වමින් නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා, සිය පියාගේ දේශපාලන උරුමය සහ අත්දැකීම් පිළිබඳවද සිහිපත් කළේය. “මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා කියන්නේ හැමදාමත් ජනතාව සහ රට වෙනුවෙන් පෙනී හිටපු නායකයෙක්. අපි හැදී වැඩුණේ, දේශපාලන අත්දැකීම් ලැබුවේ එතුමාගේ දේශපාලනය යටතේ. ඒ නිසා අපි අරගල කරන්නත් දන්නවා, රට හදන්නත් දන්නවා,” යනුවෙන් ඔහු ප්‍රකාශ කළේය.
මහින්ද රාජපක්ෂ මහතාගේ භෞතික සහභාගීත්වය නොමැති වුවද, ඔහුගේ දේශපාලන ආශිර්වාදය මෙම විරෝධතාවට හිමිවීම, එයට එක්වන පාක්ෂිකයින්ට සහ සංවිධායකයින්ට විශාල ශක්තියක් වනු ඇති බව දේශපාලන විචාරකයෝ පෙන්වා දෙති.
2026 මාර්තු 10, ප.ව. 4:28
2026 මාර්තු 10, ප.ව. 3:20
2026 මාර්තු 10, ප.ව. 3:17
2026 මාර්තු 10, ප.ව. 3:01
2026 මාර්තු 10, පෙ.ව. 10:22
10-03-26
10-03-26
10-03-26
10-03-26
10-03-26
10-03-26
09-03-26
09-03-26
09-03-26
09-03-26
09-03-26
09-03-26
09-03-26
09-03-26
08-03-26
08-03-26
08-03-26
08-03-26
07-03-26
07-03-26
07-03-26
07-03-26
07-03-26
07-03-26