hit counter

2025 ඔක්‍තෝබර් මස 30 වන බ්‍රහස්පතින්දා

2025 ඔක්‍තෝබර් 30, පෙ.ව. 12:08



මේ ආණ්ඩුව තුළ තවත් පුංචි ආණ්ඩු තිබිය නොහැකි බවත් ආණ්ඩුව තුළ පුංචි ආණ්ඩු තනා ගැනීමට කිසියම් පාර්ශ්වයක් උත්සාහ ගන්නේ නම් ඊට කිසි ලෙසකින්වත් ඉඩ නොතබන බවත් නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ පවසයි.

ගම්පහ දිස්ත්‍රික් මහජන සම්බන්ධීකරණ කමිටු රැස්වීමේදී මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ රාජකාරිය නිසි ලෙස ඉටු නොවීම පිළිබඳව මතු වූ ගැටලුවක් සම්බන්ධයෙන් අදහස් දක්වමින් මේ බව සඳහන් කළ මහින්ද ජයසිංහ තවදුරටත් කියා සිටියේ නිලධාරීන්ට රාජකාරිය නිසි ලෙස ඉටුකිරීමට නොහැකිි නම් රැකියාවෙන් ඉවත්ව යා යුතු බවයි.

මහජන මුදලින් වැටුප් ලබන නිලධාරීන් ජනතාව වෙනුවෙන් සේවය කළ යුතු බවත් එසේ නොකර සිටීමට කිසිවෙකුටත් අයිතියක් නැති බවත් නියෝජ්‍ය ඇමතිවරයා පෙන්වා දුන්නේය.

දිස්ත්‍රික්කයේ විවිධ ප්‍රදේශවල ඩෙංගු.මී උණ.වැනි රෝග පැතිරී යන බවත් ඒවා මැඩලීමට ක්‍රියාමාර්ග ගන්නේ නැතිනම් එය විශාල ප්‍රශ්නයක් බව පවසන මහින්ද ජයසිංහ නිසි පරිදි රාජකාරිය ඉටු නොකරන නිලධාරීන්ට එරෙහිව පියවර ගත යුතු බව අවධාරණය කළේය.

මහජන ජීවිත සමග සෙල්ලම් කිරීමට ඉඩදිය නොහැකි බවත් රාජකාරිය ඉටු නොකරන මහජන සෞඛ්‍ය නිලධාරීන් ඇතුළු සෙසු නිලධාරින් පිළිබඳව සවිස්තර වාර්තාවක් මීළඟ රැස්වීමට ඉදිරිපත් කරන ලෙස නියෝජ්‍ය ඇමතිවරයා නාගරික කොමසාරිස් වෙත දැනුම් දුන්නේය.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: