hit counter

2025 ජූලි මස 03 වන බ්‍රහස්පතින්දා

2025 ජූලි 03, පෙ.ව. 12:07



රටට මාස දෙකක් සඳහා අවශ්‍ය තෙල් ගබඩා කිරීමට ටැංකි නොමැති බවත් එවැනි තෙල් සංචිතයක් ඇතැයි ආණ්ඩුව නොකී බවත් නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ පවසයි.

පසුගිය පාලකයන් ඒ සඳහා අවශ්‍ය තෙල් ටැංකි සහ නළ පද්ධති යාවත්කාලීන කොට නොමැති බවත් ඉදිරියේ දී එම කටයුතු සිදුකරන බවත් හෙතෙම අවධාරණය කරයි.

යම් තෙල් සංචිතයක් සමග මාස දෙකක් සඳහා අවශ්‍ය තෙල් ඇනවුම් කොට සහතික කොට ඇති බවත් එහෙයින් තෙල් හිඟය් පිළිබඳ බිය විය යුතු නැති බවත් තමන් සඳහන් කළ බවයි, නි. ඇමතිවරයා පෙන්වා දෙන්නේ.

ඔහු මේ බව ප්‍රකාශ කළේ දෙරණ වාදපිටිය වැඩසටහනට එකතු වෙමින් වර්තමානයේ තෙල් මිල ඉහළ නැංවූයේ මෙයට පෙර ගෙන ආ තෙල් සඳහා බවට විපක්ෂය කළ චෝදනාවට පිළිතුරු දෙමිනි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: