hit counter

2025 මාර්තු මස 19 වන බදාදා

2022 ජූලි 22, ප.ව. 4:36



නව ජනාධිපතිවරයා සිය ධූරයේ වැඩ භාරගෙන පැය 24ක් ඉක්ම යාමට මත්තෙන් සිවිල් ජනතාව වෙත එල්ල වූ ප්‍රහාරය සම්පූර්ණම හෙළා දකින බව කොළඹ අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් පවසනවා.

මාධ්‍ය හමුවකට එක්වෙමින් උන්වහන්සේ පෙන්වා දුන්නේ මෙම සිදුවීම මගින් ජනතාවට ව්‍යවස්ථාවෙන් ජනතාවට ලබාදී ඇති ප්‍රකාශනයේ හා විරෝධතා දැක්වීමේ මූලික අයිතිවාසිකම් සම්පූර්ණයෙන් කඩ කර ඇති බවයි.

ජනාධිපති කාර්යාලය අසලින් අද (22) ඉවත්වන බවට අරගලකරුවන් ප්‍රකාශ කර තිබියදීත් එල්ල කරන ලද මෙම ප්‍රහාරය හේතුවෙන් අනාගතයේදී කිසියම් අනර්ථකාරී ක්‍රියාවක් සිදුවුවහොත් ජනාධිපතිවරයා ඒ සියල්ලට වගකිව යුතු බව ද අගරදගුරුතුමෝ සඳහන් කළා.

මෙම අවස්ථාවේ අපමණ දුක් පීඩාවන්ට ලක්ව සිටින අහිංසක ජනතාව හා සාමකාමී විරෝධතා පොලිස් හා හමුදා බලය යොදා මර්දනය කිරීම වහා නවතා දමන්නැටි ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින බව ද කාදිනල්තුමන් පැවසුවා.