hit counter

2026 මාර්තු මස 04 වන බදාදා

2024 ජූලි 16, ප.ව. 4:29



හාස්‍ය රංගන ශිල්පියෙකු වූ ෆ්‍රෙඩී සිල්වා මහතාගේ බිරිඳ වන රංගන ශිල්පිනී මානෙල් චන්ද්‍රලතා මහත්මිය අද උදෑසන (16) අභාවප්‍රාප්ත වූවා.

පානදුර රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි ඇය අභාවප්‍රාප්ත වන විට 65 වන වියේ පසුවූවා.

වසර පහළොවක පමණ කාලයක සිට පිළිකා රෝගයෙන් පීඩා විඳි ඇය අද දිනයේ උදෑසන මහරගම පිළිකා රෝහලට ඇතුළත් වීමට සූදානමින් සිට ඇත.

දේහය හෙට(17) සිට ගල්කිස්ස මහින්ද මල් ශාලාවේ තැන්පත් කර තැබෙන අතර දේහය පිළිබඳ අවසන් කටයුතු ලබන බ්‍රහස්පතින්දා(18) සවස 5.00 ට ගල්කිස්ස පොදු සුසාන ආදාහානාගාරයේ දී සිදු කෙරෙනවා.