hit counter

2025 අගෝස්‍තු මස 02 වන සෙනසුරාදා

2023 ජූනි 14, පෙ.ව. 4:10



මෝඩාභිමානි නමින් ප්‍රහසනයක් ඉදිරිපත් කරමින් සිදුහත් චරිතයට සහ බෞද්ධ සංස්කෘතියට අවමන් කළ බවට චෝදනා එල්ල වූ නතාෂා එදිරිසූරිය නැමැති කාන්තාව මේ වන විට රිමාන්ඩ් භාරයේ පසුවනවා.

එමෙන්ම ඇයට ආධාර අනුබල දීමේ චෝදනා ලැබූ එස් එල් ව්ලොග්ස් යූටියුබ් නාලිකාවේ හිමිකරු බෘනෝ දිවාකර නැමැත්තාද සිටින්නේ රක්ෂිත බන්ධනාගාරගතවයි.

මේ අතර එස් එල් ව්ලොග්ස් යූටියුබ් නාලිකාවට මුදල් යෙදවූ බවට නම කියවුනු ගෝලීය ශ්‍රී ලාංකීය කොංග්‍රසයේ නායක මංජු නිශ්ශංක, පොල්හේන්ගොඩ පිහිටි නීතිවිරෝධී වත්කම් විමර්ශන ඒකකය වෙත ඊයේ පෙරවරුවේ කැඳවා තිබුණා.

ඒ ඔහුගේ වත්කම් සම්බන්ධයෙන් විශේෂ ප්‍රකාශයක් ලබා ගැනීම සඳහායි.

“අපි මේ මේ වෙලාවේ ක්‍රියාකාරී දේශපාලනයට ඇවිල්ලා අපේ රටේ පුරවැසියන් ඉල්ලන එක කරන්න අවංකව මේ දේශපාලන සංවිධානය ගොඩනගමින් ඉන්නකොට මේ වෙලාවේ සිද්ධ වෙන්නේ මේ දේශපාලන පලිගැනීමක්.”

මේ අතර එස් එල් ව්ලොග්ස් යූටියුබ් නාලිකාවේ අධ්‍යක්ෂ මණ්ඩලයේ කටයුතු කරන බවට පැවසෙන අභිෂේකා ප්‍රනාන්දු නමැති කාන්තාවද ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාශය වෙත ඊයේ (13) පෙරවරුවේ කැඳවා තිබුණා.

ඇය ඉන් පිටව ගොස් තිබුණේ පැය තුනකට ආසන්න කාලයක් ප්‍රකාශ ලබා දීමෙන් අනතුරුවයි.