hit counter

2024 අප්‍රේල් මස 14 වන ඉරිදා

2024 ජනවාරි 18, පෙ.ව. 12:03



ධීවරයින් සහ එම ක්ෂේත්‍රය ආරක්ෂා කරගැනීම සම්බන්ධයෙන් කිසිඳු අවබෝධයකින් තොරව මුදල් අමාත්‍යාංශ නිලධාරීන් කටයුුත කරමින් සිටින බවත් ඒ අනුව ධීවරයින් රැක බලා ගැනීමට හැකිවන වැඩ පිළිවෙලක් සකස් කිරීමට මෙම නිලධාරීන් සමත්ව නොමැති බවත් කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා පැවසුවා.

මුදල් අමාත්‍යාංශ නිලධාරීන් විසින් ධීවර ක්ෂේත්‍රය මගින් මෙරට ආර්ථිකයට දෙනු ලබන දායකත්වය පිළිබඳව නිසි අවබෝධයකින් තොරව කටයුතු කර ඇති බවද අමාත්‍යවරයා පෙන්වා දුන්නා.

මෙරට අවිධිමත් අංශයේ රැකියා වල නියුතු සියලුදෙනා හට වෘත්තීය ගරුත්වයක් සහ අභිමානයක් ලබාදීමට කම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශය ආරම්භ කළ “ගරුසරු” වැඩසටහන යටතේ ධීවර ක්ෂේත්‍රයේ රැකියාවල නියුතු වෘත්තිකයින් සමඟ ඊයේ (17) කම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශයේ පැවති හමුවකදී අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.

ඒ අනුව ගාල්ල දිස්ත්‍රිකයේ හැදී වැඩුණු තැනැත්තෙකු වශයෙන් තමන්ට ධීවර වෘත්තිකයින් පිළිබඳ මෙන්ම ඔවුන් සිය වෘත්තියේ නියැලීමේදී අත්විදින අභියෝග සම්බන්ධයෙන් මනා අවබෝධයක් පවතින බවද අමාත්‍යවරයා පෙන්වා දුන්නා.

මෙහිදී අමාත්‍යවරයා මෙසේද පැවසුවා.

ලෝකයේ වෙනත් රටවල ධීවරයෙක් වුනත් ජලනල කාර්මිකයෙක් වුනත්, දොස්තර වුනත්, ඉංජිනේරුවා වුනත් සාමාජයේ එක හා සමාන වරප්‍රසාද වලට හිමිකම් කියනවා. ඒ හැමෝටම එකම මට්ටමකින් තමයි ගරුත්වය තියෙන්නේ. අපේ රට පක්ෂ විදිහට, ජාතීන් විදිහට, කුල වලට වගේම වෘත්තීන් අනුව බෙදලා තියෙනවා. මේ විදිහට බෙදලා තියෙන්නේ විවිධ වාසි ගන්නයි. එමගින් ධීවරයාව, වතු කම්කරුවාව අඩු වරප්‍රසාද මට්ටමක තියන්න හදනා මිසක් නිසි ගරුත්වයක් දෙන්න කටයුතු කළේ නැහැ. ඒත් අපේ අමාත්‍යාංශය විසින් අපේ ප්‍රධානතම වැඩසටහන විදිහට මේ රටේ අවිධිමත් අංශයේ ඉන්න ශ්‍රම බලකායේ වැඩිම පිරිසගේ ගරුත්වය වර්ධන කිරීම වෙනුවෙන්ම වැඩසටහනක් ඇති කරන්න කටයුතු කළා.

රටේ සේව සේවක සබඳතාවක් තියෙන්නේ ලක්ෂ 25 විතරයි. ඒත් මේ ආර්ථිකයට දායක වෙන තවත් ලක්ෂ 60ක් ඉන්නවා. ඒ පිරිස අතරයි ඔබත් ඉන්නේ. ඒත් මේ පිරිසව ආරක්ෂා කරන වැඩපිළිවෙලක් තිබුණේ නැහැ. ඒ නිසාමයි අපි මේ ලක්ෂ 60ට ගරුත්වයත්, ආරක්ෂාවත් ලබාදෙන්නයි අපි මේ ගරු සරු වැඩසටහන ආරම්භ කළේ. විශේෂයෙන්ම තමන්ගේ දෑත වාරු නැති කාලයේදී රැක බලාගන්නත් තමයි මේ ගරුසරු හදුන්වා දුන්නේ. අපි රැකී රක්ෂා පනත කියලා නව පනතක් හදුන්වා දෙනවා. එමගින් නව පරිච්ඡේදයක් ඇති කරලා මේ කෂේත්‍රවල ඉන්න අය වෙනුවෙන් කමිටුවක් ඇති කරන්න කටයුතු කරනවා. පසුව ඒක මේ රටේ ව්‍යවස්ථාපිත ආයතනයක් බවට පත් කරන්න අපි පියවර ගන්නවා.

මෙහිදී වැදගත්ම කාරණය වන්නේ මේක වෘත්තීය සමිතයක් නොවීමයි. මේක වෘත්තීය කවුන්සියලයක්. මෙහිදී ඔබ තමයි ධීවරයා කියන්නේ මෙවැන්නෙක් ඊට අදාලව සැපරිය යුතු කාරණයා මේවායි කියලා තීරණය කරන්නේ. ඔබ හදලා දෙන රෙගුලාසි අමාත්‍යවරයා විදිහට ගැසට් කරන්න මට බලය ලැබිලා තියෙනවා. ඇත්තම කතාව වෙන්නේ අද වෙනකොට ඕනෑම අයෙකුට ධීවරයෙක් වෙන්න පුළුවන්. ඒ කියන්නේ ඕනෑම අයෙකුව බෝට්ටුවට දාගෙන යනන් පුළුවන්. ඒත් මේක ඊට එහා ගිය වෘත්තිකත්වයක් තියෙන දෙයක්. එහිදී වෘත්තීය මට්මටම් කොයි විදිහේ ස්වරූපයක් ගතයුතුද කියන කාරණය ඔබම යෝජනා කරලා ඊට අදාල බලපත්‍ර ක්‍රමයක් ඔබ විසින්ම ක්‍රියාත්මක කරනවා.

ධීවරයින්ට වැඩ කරගන්න බැරි වුන කාලෙක, රස්සාව අහිමි වුන කාලයකදී මේ අයව බලාගන්න ක්‍රමයක් ඇති කිරීමට අදාලව ක්‍රමවේදයක් ඇති කිරීමටයි අපි මේ කටයුතු කරන්නේ. අපි මාස තුනක් ඇතුලත රටේ සමස්ථ ශ්‍රම බලකායටම සමාජ ආරක්ෂණ ක්‍රමයක් ඇති කිරීමට අදාල වාර්තාව ලබාදෙන්න කැබිනට් මණ්ඩලයට පොරොන්දු වුනා. ඒ හරහා අපි දැනට ක්‍රියාත්මක කෘෂි රක්ෂණ, ගොවි රක්ෂණ වගේ විවිධ රක්ෂණ ක්‍රමත් විවිධ ඊ.පී.එෆ්. ඊ.ටී.එෆ්. වගේ විවිධ අරමුදල් සියල්ලම එකට එකතු කරමින් සියලුම වැඩකරන ජනතාව එකට එකතු කරන වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන්නත් බලාපොරොත්තු වෙනවා. ඊට අදාල යෝජනාවලිය විශේසඥ කමිටුවක් විසින් සකස්කරමින් පවතිනවා.

එතනින් පසුව ඔබ‍ටත් වයස අවුරුදු 55න් පසුව ඊ.පී.එෆ්. ඊ.ටී.එෆ් වගේ ආර්ථසාදක අරමුදල් ලබා ගැනීමට හැකියාව ලැබෙනවා. කැමති නම් විශ්‍රම වැටුපක් විදිහට ලබා ගැනීමටත් හැකියාව තියෙනවා. මේක සමස්ථ ජාතික වැඩපිළිවෙලක්. ඕස්ට්‍රේලියාවට බෝට්ටු යන එක වලක්වන් ගෙනාපු ජී.පී.එස් සිස්ට්ම් එක ඔබේ බෝටුවලටත් දැම්මා. ඒ නිසාම දැන ඔබ හැමෝම ලක්ෂ අටක් නමයක් දීලා ජී.පී.එස් එකක් සවිකරගන්න ඕනේ. ඒක හදන්නත් පුඵවන් වෙනම කණ්ඩායමකට විතරයි. ධීවරයින්ට ජී.පී.එස් එකක් ඕනේ. ඒත් මෙතන වෙලා තියෙන්නේ ඔස්ට්‍රේලියාවෙන්ම දීපු එකම සවිකරන්න ඕන කියන එකයි. ඒ වගේම මේක නැත්තම් මුහුදට යන්න ඔබට බලපත්‍රය ලැබෙන්නේ නැහැ.

මේ බලපත්‍රය ගන්න ජී.පී.එස් එක අලුත්වැඩියා කරලා තියෙන්න ඕනේ. ඒ වගේම මුහුදට යන පිරිසව රක්ෂණය කරල තියෙන්න ඕනේ, ඒ වගේම විවිධ සමාගම් දාලා මේ රක්ෂණය කිරීම කරනවා. ඒත් රක්ෂණය ගෙවන්නේ බෝට්ටුව කැඩිලා සියලුම දෙනා ජීවිතක්ෂයට පත්වුනොත් විතරයි. මෙතන අපබ්‍රංස ගොඩක් තියෙනවා. බොහෝ වෙලාවට ජීවිතයක් අහිමු වුනාම විශේෂයෙන්ම කෙනෙක් මුහුදට වැටිලා අතුරුදන් වුනාම මරණ සහතිකයක් ගන්න බැහැ. එහෙම වෙලාවට මෙයාලට වන්දිය ගෙවන්නේ කොහොමද කියලත් ප්‍රශ්ණ තියෙනවා. බෝට්ටුවක් ඇදගන්න වුනාම මොන රක්ෂණ සමාගමද මැදහත් වෙලා කටයුතු කරන්නේ කියලා ගැටලුවක් තියෙනවා.

මේවා අපිට අදාල කාරණා නෙමෙයි මේවා ධීවර අමාත්‍යාංශයට අදාල කාරණා. ඒත් ඔබේ ආරක්ෂාව සහ ගරුත්වය වෙනුවෙන් අවශ්‍ය දේවල් අපි කරනවා. මෙහිදී ඔබේ ආරක්ෂාව හදනවා වගේම ජීවිතයේ සාරවත් භාවයත් ඇති කරන්න අපි කටයුතු කරනවා. ඒ වගේම රට වටේම මුහුද තියාගෙන පිටරටින් සැමන් ගේනවා. පිටරටින් එන සැමන් වලට බදු ගහන්නේ කිලෝ එකකට රුපියල් සියයක් දෙසීයක් වගේ මුදලක් ඒක අය කරන්නේත් වතුර බල බර අඩු කරලයි.. ඒත් රට ඇතුලේ ෆැක්ට්‍රියක් හැදුවොත් ඒකට සියයට 18 වැට් බද්දක් ගහනවා. ඒ බද්ද ගහන්නේ ආණ්ඩුවයි. අපි තමයි මේකට අත උස්සල තියෙන්නේ. හැබැයි මේක හදලා එවලා තියෙන්නේ මුදල් අමාත්‍යාංශයේ ඉන්න නිලධාරීන් විසින්. ඒ අය දන්නේ නැහැ ධීවරයාව රැක බලාගන්න නම් කොයි විදිහටද වැඩ කරන්න ඕනේ කියලා.

අපි ධීවර කටයුතු කරනකොට ලෝකයේ අනිත් රවටල් භාවිතා කරන ආරක්ෂිත මෙවලම් භාවිතා කරනවාද කියලා ගැටලුවක් තියෙනවා. එහෙම වුනානම් අපේ අනතුරු විශාල වශයෙන් අඩු කරන්න පුළුවන්. මේවා අපි නීති විදිහට ඉදිරිපත් කරලා දෙනවා. සමහර වෙලාවට ඔබව හිරකරන්න හදනවා කියලා හිතෙයි. ඒත් කම්කරු දෙපාර්තමේන්තුව විදිහට ශ්‍රමිකයාගේ ආරක්ෂාව වෙනුවෙන් කරන්න ඕනේ දෙවල් අනෙක් ආයතන එක්ක සාකච්ඡා කරලා ගැටුමකින් තොරව ක්‍රියාත්මක කරන්න කටුයුතු කරනවා.”





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: