hit counter

2025 ජනවාරි මස 10 වන සිකුරාදා

2025 ජනවාරි 10, ප.ව. 1:18



විදේශගතව ඇතැයි ප්‍රකාශ වූ හිටපු විදේශ රැකියා ඇමැති මනූෂ නානායක්කාර එක්සත් ජාතික පක්ෂ මුලස්ථානයට අද පැමිණ සිටියේය.

එල්ලවන චෝදනා සම්බන්ධයෙන් ජනමාධ්‍ය වෙත අදහස් පළකරමින් මනූෂ නානායක්කාර ප්‍රකාශ කළේ තමන් අත්අඩංගුවට ගැනීමක් සමබන්ධයෙන් බියක් නොමැති බවයි.

සිය සහෝදරයා තම නම විකුණා වංචනික ක්‍රියාවල දී ඇති බව හෙතෙම එහිදී ගත් අතර එලෙස තම නම භාවිත කරමින් වංචාවන්හි නිරතවූ තවත් පුද්ගලයන් සිටින බවද හෙතෙම සඳහන් කළේය.

“අපි හැමදේම හොයලා බලලා කරලා තියෙන්නේ. මගේ මල්ලි ගැන පැමිණිල්ල කළෙත් මමයි. දැන් බොරුවට මට මඩ ගහනවා.ආණ්ඩුව කියපු දේවල් කරගන්න බැරුව ඉන්නේ. සහෝදරයොත් ඉන්නව හැමදෙනාම අතේ ඇඟිලි පහ වගේ වෙනස්. ඔය සිද්ධිය ගැන ඒ කාලෙම අපි පැමිණිලි කරලා තිබුණේ. මගේ නම විකුණලා සල්ලි ගත්ත අය ගොඩක් ඉන්නවා.
මගේ සහෝදරයත් ඒ එක්කෙනෙක්. හැමදේම ගැන හොයලා බලලා වැරදි කාරයින්ට දඬුවම් කරන්න. මම ගෙනාපු කෝටා එක ගැන දැන් බොරු කියනවා. මම මහන්සි වෙලා ගෙනාව එකක්.ඒවා නියමානුකූල ගිවිසුම් වලින් තමයි කරලා තියෙන්නේ.”