hit counter

2025 මාර්තු මස 03 වන සඳුදා

2025 ජනවාරි 17, පෙ.ව. 12:08



වත්මන් පාලනය යටතේත් පොල්තෙල් බදු වංචාවක් සිදු වන්නේ යයි සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර් මහතා පවසයි.

කොළඹ පැවති මාධ්‍ය හමුවකදී ඔහු මෙසේ අදහස් පල කලේය.

පහුගිය දවස්වල මාධ්‍ය වාර්තා කරල තිබුණා පිරිපහදු නොකළ පොල්තෙල් ගෙන්වීම හරහා රජයට ලැබිය යුතු බදු ආදායම කෝටි 5000 පමණ සමාගම් කිහිපයක් විසින් පොල්ල තියලා තියෙනවා. දිවයින පුවත්පත වාර්තා කරල තිබුණා . Sunday times වාර්තා කරලා තිබුණා, මව් රට පුවත්පතත් විස්තරාත්මකව වාර්තා කරලා තිබුණා,

මේක හොයාගෙන යනකොට 2024-ජනවාරි 01 ඉදලා ඔක්තෝබර් මාසයේ අග දක්වා තමයි මේ බදු පොල්ල වැටිලා තියෙන්නේ. 2024 ජනවාරි පළමු වැනිදාට කලින් පිරිපහදු නොකළ පොල්තෙල් ලංකාවට ආනයනය කරනකොට විශේෂ වෙළඳ භාණ්ඩ යටතේ මෙට්‍රික් ටොන් එකකට රුපියල් 125,000/- ක් ද, පිරිපහදු කරන ලද පොල්තෙල් වලට මේට්‍රික් ටොන් එකකට රුපියල් 150,000/- ලෙස දාලා තිබුණා. එම ගැසට් පත්‍රයේ පැහැදිලිව සඳහන් කරලා තියෙනවා මේක VAT කාණ්ඩයට අයත් වෙන්නේ නැහැ කියලා . 2024 ජනවාරි 01 සිට දාපු VAT බද්ද පිළිබඳ විශේෂ ගැසට් එකට අනුව VAT exempt කියල තියෙන ලිස්ට් එකට මේක ඇතුළත් වෙලා නැහැ. ඒ කියන්නේ බදු ගෙවන්න වෙනවා.

නමුත් සමාගම් කිහිපයක්, විශේෂයෙන්ම පිරිපහදු නොකළ පොල්තෙල් කිලෝග්‍රෑම් මිලියන 38.8 ක් ගෙන්නලා කියලා වාර්තා වෙනවා. එක් සමාගමක් කිලෝග්‍රෑම් මිලියන 12.9 ක් සහ කිලෝග්‍රෑම් මිලියන 1.4 ක් , ඒ වගේම තවත් සමාගමක් කිලෝග්‍රෑම් මිලියන 624,000ක් , තවත් සමාගමක් කිලෝග්‍රෑම් මිලියන 18.8ක් සහ මිලියන 4.23 වශයෙන් ගෙන්වලා තියෙනවා. එම ගැසට් පත්‍රය අනුව මේ සදහා 18% ක VAT බද්දකුත්, 2.5% ක සමාජ ආරක්ෂණ බද්ධකුත් ගෙවන්න ඕන. ඒ කියන්නේ මේ කිලෝග්‍රෑම් මිලියන 38.8 ම, කිලෝ ග්‍රෑමයට 20.5% ක බදු නොගෙවා පැහැර හැරලා තියෙනවා.

මේ පිළිබඳ විශේෂත්වය වන්නේ ඒ ගෙනාපු එක සමාගමක් එවකට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහත්මයාට ගිය අවුරුද්දේ ජූලි මාසේ 17 වැනිදා ලියුමක් යවනවා, රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්ති දෙපාර්තමේන්තුවෙන් දේශීය ආදායම් දෙපාර්තමේන්තුවටත් ලියුමක් ලියනවා.

request for a policy direction on the application of the exemption of value added tax (VAT) on imported crude coconut oil subject to Special Commodity Levy (SCL) and supply to the market as refined coconut oil .

This refers to the letter dated July 17,2024 addressed to His Excellency the President by the Managing Director of..කියලා ඒ සමාගමේ නම දාලා තියෙනවා.
එතකොට මොකක්ද මේ කියන්නේ මේ සමාගම තමන් බදු නොගෙවිය යුතුයි කියලා හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගෙන් සහනයක් ඉල්ලලා තියෙනවා බදු නොගෙවා ඉන්න. එතකොට මේක යොමු කරනවා රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්ති දෙපාර්තමේන්තුව, Department of Fiscal policy , එතනින් යවනවා දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට හත්වෙනි මාසේ 31 වැනිදා, ඊට පස්සේ දේශය ආදායම් දෙපාර්තමේන්තුව ඔවුන්ගේ නිරීක්ෂණ 2024-08-29 වැනිදා රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්ති දෙපාර්තමේන්තුවට ඔවුන් ලියුමක් යවනවා ඔවුන්ගේ නිරීක්ෂණ දාලා. ඒකෙ අවසානයට තියෙනවා “therefore IRD is in a position that the …..(Company name).. imports crude coconut oil to Sri Lanka and manufactures refined coconut oil is a process of manufacturing and the supply of refined coconut oil liable to VAT with effect from January 1, 2024.”

ඊළඟට ආයෙ මෙහෙමත් දානවා ” IRD recommends that the observation from..(company name..) should also be taken into account when formulating any policy direction on this matter ”

රටේ නීතියක් තියෙනවා නම් ඒ නීතිය ගැසට් එකකින් ක්‍රියාත්මක කරලා තියෙනවා නම් , එතකොට ඒ බඩු ගෙන්වන සියලුම සමාගම් ඒ නීතියට යටත්. එතකොට ඒ සියලුම සමාගම් ඔවුන් බදු ගෙවිය යුතුද නැද්ද කියලා කොහෙද අහන්නේ? කවද්ද අහල තියෙන්නේ ?එහෙම ඇසිය යුතුද? එහෙම ඇහුවත් මේ සමාගමට දෙන්න තියෙන උත්තරය මොකක්ද? එතකොට මේ සමාගම කියන්න ඕන එක්කෝ ගෙන්වලා පිරිපහදු නොකරම විකුණනවා කියලා, මොකද විශේෂ වෙළඳ වෙළඳ බද්ද ආනයනය කරනකොටම ගහනවා. ඊට පස්සේ මේක රිෆයින් කරලා විකුනනකොට තමයි ඔවුන් VAT බද්දට අයිති වෙන්නේ. ඔවුන් පිරිපහදු නොකරම විකුණනවා කිව්වනම් විශාල සෞඛ්‍ය ප්‍රශ්නයක් එතන තියෙනවා. මෙතන දෙකයි තියෙන්නේ, එක්කෝ ඔවුන් පිරිපහදු නොකර විකුණන්න ඕන, එහෙම නැත්නම් VAT බද්ද ගෙවලා නෑ. මේකේ විශේෂම දේ මේක රනිල් වික්‍රමසිංහ මහත්තයාගේ ආණ්ඩුව යටතේ තමයි නේ, වෙන්නේ. රනිල් වික්‍රමසිංහ මහත්මයාගෙනුයි ඉල්ලලා තියෙන්නේ බදු සහන ලබාදෙන්න කියලා. ඒ අනුව තමයි රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්ති දෙපාර්තමේන්තුව ආදායම් බදු දෙපාර්තමේන්තුවට මේක යවලා තියෙන්නේ. වැඩේ තියෙන්නේ රනිල් වික්‍රම වශයෙන් හා මහත්මයා ජනාධිපති ධුරයෙන් ඉවත් වුණායින් පස්සේත් අපිට ආරංචි විදිහට මේක දිගටම කෙරීගෙන යනවා. 2024 සැප්තැම්බර් මාසේ 21 තමයි අනුර කුමාර දිසානායක මහත්මයා මේ රටේ ජනාධිපති වෙන්නේ. එතකොට ඔක්තෝම්බර් මාසය දක්වා ටොන් 38,000ක් ගේනවා නම් ඒ කියන්නේ අනුර දිසානායක ජනාධිපති වුණාට පස්සෙත් මේක ගෙන්නලා තියෙනවා.

එතකොට දිගින් දිගටම මෙම සමාගම් විසින් බදු ගෙවීම පැහැර හරිමින් තියෙනවා. අපිට ආරංචි විදිහට නොවැම්බර් මාසයේත් මේ සමාගම් විසින් විශාල ප්‍රමාණයක් ගෙන්වලා තියෙනවා. එතකොට ඒ පිළිබඳ තොරතුරු , ඔවුන් ඔක්තෝම්බර් නොවැම්බර් දෙසැම්බර් මාස වල ගෙන්වපු ප්‍රමාණය , ඉදිරි කාලයේදී අපිට හොයා ගන්න පුළුවන් වෙයි. අපි අහන්න කැමතියි වංචාව හොරකම දූෂණය නතර කරනවයි කියලා ආපු , බදු හොරුන්ව අල්ලනවයි කියලා ආපු, බැංකු පොලු තියපු කට්ටියව අල්ලනවයි කියපු, මේ ආණ්ඩුව යටතේත් මේ හොරකම ඇස් මානයේ පෙනි පෙනී තියෙනවා කියන්නේ, ඒ වගේම මාධ්‍ය විසින් දිගින් දිගටම වාර්තා කරලා තියෙනවා කියන්නේ, මේක මෙහෙම වෙන්න දෙනවද?

මේක තනිකරම මහ බැංකු බැඳුම්කර මංකොල්ලේ වගේම එකක්. මාස දහයකට කෝටි පන්දාහක් කියලා කියන්නේ, මාස දොළහකට කෝටි හයදාහක් විතර. මේ සමාගම් බදු නොගෙවීම නිසා ලබන අයුතු ලාභය, මේවා කාටද ගියේ? ඒ සමාගම් තනිවම භුක්ති වින්දා ද? එය නැත්නම් වෙන කාටහරි මේකෙන් කොටස් දුන්නාද? ඒ නිසා ආණ්ඩුව වහාම මේ පිළිබඳව හෙළිදරව් කළයුතුයි. අපි බලාපොරොත්තු වෙනවා ඉදිරි කාලයේදී පාර්ලිමේන්තුවේදී මේ පිළිබඳව ප්‍රශ්න කරන්න. ආණ්ඩුව මේ පිළිබඳව ලබාදෙන උත්තරය මොකක්ද කියලා බලාපොරොත්තුවෙන්, මේ VAT බදු ටික අය කර ගැනීමට කටයුතු කරනවාද?එහෙම නැත්නම් වර්තමාන රජය යටතේත් මේ විදිහට බදු පොලු තියන්න ඉඩ දෙනවාද? එක ගැන මේ ආණ්ඩුව පැහැදිලි කළ යුතුයි. මේවා පැහැදිලි කරන්නේ නැතුව කෙඳිරි ගගා ඉඳලා වැඩක් නෑ. තව දවස් කීපයකින් ඇවිල්ල මාස හතරක් වෙනවා, තාම කෙඳිරි ගගා ඉන්නවා.

මැතිවරණයට කලින් කිව්වා අර්ජුන මහේන්ද්‍රන්ව ගේනවා කියලා, තාම මුකුත් නෑ. අල්ලපු හොරෙකුත් නෑ උගන්ඩාවෙන් ගෙනාපු සල්ලිත් නෑ. ලයිට් බිල් වතුර බිල් අඩු කරලත් නෑ. ජනාධිපතිවරණයට කලින් කිව්වේ 3000- බිල 2000/-කරනවා කියලා. 6000/- බිල 4000/-ට අඩු කරනවා කියලා. ගල්ගමුවේත් තව නොයෙක් රැස්වීම්වලත් කිව්වා නමුත් ඒ එකක්වත් වෙන්නේ නෑ.

අද රජයේ ආයතනවලින්, තෙල් සංස්ථාව, විදුලි බල මණ්ඩලය, ජල සම්පාදනන මණ්ඩලය, ඒවා ලාභ ලබන top 10 එකේ ඉන්නවා.

විදුලි බල මණ්ඩලයේ පනත අනුව මම දන්න විදිහට නම්, විදුලි බල මණ්ඩලය පිරිවැය කළමනාකරණය කර ගත යුතු ආයතනයක් විනා ලාභ ලැබිය යුතු ආයතනයක් නොවේ. එතකොට දළ වශයෙන් බිලියන 139ක් විදුලි බල මණ්ඩලය ලාභ ලබලා තියෙනවා. එතකොට ඒ ලාභය ඒකක 0 සිට 60 හෝ 30 දක්වා සමාජයේ දරිද්‍රතා රේඛාවෙන් පල්ලෙහා දුක් විඳින ජනතාවට ඒ සහනය ලබා දෙන්න කටයුතු කරන්න තිබුණා. ඒක කරන්නෙත් නෑ කෙඳිරි ගගා ඉන්නවා .
ඔය වගේම තමයි තෙල් ගැනත් කිව්වේ . තෙල් සංස්ථාවේ සියලු ණය මහා භාණ්ඩාගාරය බාර අරගෙන තියෙනවා. ඒකට තෙල් සංස්ථාවෙන් රුපියල් පනහක් අය කරනවා. අපි ආපු ගමන් වහාම අයින් කරනවා කිව්වා. ගිය මාසෙ තිස්එක් වෙනිදා තෙල් මිල සංශෝධනයේදී පෙට්‍රල් මිල සත පහක්වත් අඩු වෙලත් නෑ.

දාර නයි අරිනකොට මෙහෙම කෙඳිරි ගාන්ඩ වෙනවා තමයි . විපක්ෂය හැටියට අපේ වගකීම තමයි මේ ටික ඔක්කොම මතක් කරලා ආණ්ඩුව ලවුවා මේ පොරොන්දු වෙච්ච සහන ජනතාවට ලබා දෙන්න තමයි කටයුතු කරන්න ඕන. මොකද ඒගොල්ලෝ හැමවෙලේම කියනවා ජනවරමේ තරම තේරුම් ගන්න කියලා. අපි නෙවෙයි ඒක තේරුම් ගන්ඩ ඕනේ ඒගොල්ලෝ .මොකද බොරු කියලා තමයි ජනවරම අරන් තියෙන්නේ.

ඒ නිසා අපි පැහැදිලිව කියන්න ඕන වෘත්තීය සමිති දාලා ආණ්ඩු කඩන් වට්ටනවා වගේ ලේසි නැහැ ආණ්ඩු කරන්න ගියහම.

එයාලට පොරොන්දු වෙච්ච දේවල් කරන්ඩ බැරි උනත් ඒවට පොළඹවන්න ඕන අපි. හැබැයි මේ වගේ බදු හොරුන්ට නිදැල්ලේ ඉන්න දෙන්න බැහැ. ඒ වගේම වර්තමාන ආණ්ඩුවේ හොරු දූෂිතය වංචාකාරයෝ නැත්නම්, ඔවුන් හොරු වංචාකාරයෝ දූෂිතයෝ රකින්නේ නැත්නම් , ඔවුන් ඩිල් දාන්නෙත් නැත්නම්, මේකට මොකක්ද දෙන උත්තරය කියලා අපි බලාගෙන ඉන්නවා





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: