hit counter

2024 සැප්‍තැම්‍බර් මස 07 වන සෙනසුරාදා

2024 ජූලි 17, පෙ.ව. 9:45



2024 වසරේ ඕස්ට්‍රේලියාවේ පැවති “මාස්ටර් චෙෆ්” ඉවුම් පිහුම් තරගාවලියේ දී තුන් වන ස්ථානය දිනා ගත් ශ්‍රී ලාංකික ජයග්‍රාහිකාව වන සවින්ද්‍රි පෙරේරා මහත්මිය ඊයේ (16) රාත්‍රී කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියා.

මුළු මහත් ලෝකය පුරා සජීවීව විකාශනය කෙරුණු , ඕස්ට්‍රේලියාවේ “මාස්ටර් චෙෆ්” තරගාවලිය මෙම වසරේ අප්‍රියෙල් මස සිට 07/15 දින දක්වා , එරට ප්‍රසිද්ධ රූපවාහිනී නාලිකා සම්බන්ධ කර ගනිමින් පවත්වා තිබුණි.

ඇය මෙම ජයග්‍රහණයත් සමග තම පියා ඇතුළු නෑදෑ හිතවතුන් දැක ගැනීම සදහා ශ්‍රී ලංකාවට පැමිණීමට පියවර ගෙන තිබුණි.

කටුනායක ගුවන් තොටුපොළේ දී සිය අදහස් දැක්වූ සවින්ද්‍රි පෙරේරා මහත්මිය මෙසේ පැවසුවා.

මට මෙම ඕස්ට්‍රේලියානු මාස්ටර් චෙෆ් තරගාවලියේ දී ජයග්‍රහණය සදහා මාවත සකස් කර දුන්නේ ශ්‍රී ලංකාවේ ආහාරපාන. මෙම තරගාවලියේ දී විශේෂයෙන්ම මම ශ්‍රී ලංකාවේ කිරිබත් , කළුපොල් මාලුව , මාළු මිරිසට හොදි සමග මෙන්ම සීනි සම්බෝල ද සකස් කර ඉදිරිපත් කළා . මම මෙම ආහාර සදහා ශ්‍රී ලංකාවේ කුළුබඩු භාවිතා කළා . ඒ නිසා ලෝකයේ අනෙකුත් තරගකාරී සූපවේදීන් පරදා මෙම තරගාවලියේ තුන් වන ස්ථානය දිනා ගැනීමට හැකි වුනා යැයි පැවසුවා.

සවින්ද්‍රි පෙරේරා මෙම තරගාවලිය අවසන් වූ සැනින් ශ්‍රී ලංකාව බලා පැමිණීමට පියවර ගෙන තිබූ අතර , ඇය 07/16 දින රාත්‍රී 10.40 ට ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 605 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි.

ඇය පිළිගැනීම සදහා ඇයගේ පියා මෙන්ම තවත් නෑදෑ හිතවතුන් විශාල පිරිසක් ද කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටියා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: