hit counter

2024 සැප්‍තැම්‍බර් මස 07 වන සෙනසුරාදා

2023 මැයි 17, ප.ව. 4:40



ආක්‍රමණික රිළවුන්ට බියෙන් මාතලේ දිස්ත්‍රික්කයේ වනාන්තර ආශ්‍රිත ඇතැම් ගම්වාසීන් ගම්බිම් අතහැර ආරක්ෂිත ස්ථාන සොයා යන බව පාර්ලිමේන්තු මන්ත්‍රි ක්‍රීඩා හා යෞවන කටයුතු පිළිබඳ රාජ්‍ය අමාත්‍ය රෝහණ දිසානායන මහතා පැවැසුවා.

මාතලේ ඇල්කඩුව ආසන්නයේ ගම්මාන කිහිපයක පවුල් කිහිපයක් මේ වන විට රිළවුන්ට බියේ ගෙවල් ‍ෙදාරවල් හැර ගොස් ඇති බවට තොරතුරු ලැබුණු බවද රාජ්‍ය ඇමැතිවරයා පැවැසුවා.

රිළා උවදුර සම්බන්ධයෙන් මේ දිනවල පවතින උණුසුම්කාරී තත්ත්වය පිළිබඳව අදහස් දැක්වූ රාජ්‍ය ඇමැතිවරයා මිනිසුන් ගම් බිම් හැරයමින් සිටියදී රිළවුන්ට කෑමට ආහාර භෝග හිඟවීමෙන් විදුලි රැහැන් ආවරණ පවා කා දමා විශාල හානියක් සිදු කරන තත්ත්වයට පත්ව ඇති බව සඳහන් කළා.

විදුලි රැහැන් හා ගෘහස්ථ දුරකථන පද්ධති සහ පියෝ ටී.වී. රැහැන්වල ආවරණද රිළවුන් විසින් හානියට පත් කිරීමෙන් විශාල අලාභයක් සිදුව ඇති බවටද පැමිණිලි ලැබී තිබෙනවා.

ගම්මාන ආක්‍රමණය කර බවභෝග කා දමා කෘෂි ආර්ථිකයට විශාල හානියක් සිදුකළ රිළවුන් චීනයට යැවීමට ගෙන ඇති තීරණයට එරෙහිව කටයුතු කරන වන සත්වාරක්ෂක සංගම් කෘෂි ආර්ථිකය කඩා වැටීම, ආහාර භෝග හිඟයක් ඇති වීම හා රාජ්‍ය හා පෞද්ගලික දේපොළවලට සිදුවන හානිය වළක්වා ගන්නේ කෙසේදැයි පැහැදිලි නොකිරීම ජන සමාජය තුළ අවාසනාවන්ත තත්ත්වයක් උද්ගත වීමට බලපා ඇති බවද රාජ්‍ය ඇමැතිවරයා සඳහන් කළා.

මෙම අවාසනාවන්ත තත්ත්වය පිළිබඳව ගොවි සංවිධාන හා ගම්වාසීන්ගෙන් මේ වන විට පැමිණිලි රැසක් ලැබී ඇති බවද දිසානායක මහතා පැවැසුවා.