2023 ජනවාරි 15, පෙ.ව. 6:21
ඉතාම සරල ඖෂධ වර්ග පවා රෝහල්වල නොමැති වීම හේතුවෙන් සායනික රෝගීන්ගේ ජීවිත අනතුරට ලක්ව ඇති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා.
මාධ්‍ය හමුවක් අමතමින් එම සංගමයේ නිලධාරීන් මේ බව සඳහන් කළා.
එහිදී අදහස් දැක්වූ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සහකාර ලේකම් අජන්ත රාජකරුණා මහතා,
“රෝගීන් දිනෙන් දින මියගියා, නමුත් කිසිදු බලධාරියෙක් ඒකට කිසිදු පියවරක් ගත්ත බවක් පේන්න නැහැ. ඉතාම සරල ඖෂධ නැති නිසා සායනවල රෝගීන් දිනෙන් දින මරණයට පත්වීම වැඩිවෙනවා. බෝ නොවෙන රෝග සහිත සියලුම රෝගීන්ට මේ අනතුර තියෙනවා”
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සාමාජික තේජන සෝමතිලක මහතා පැවසුවේ,
“මේ සායනවල ප්‍රතිකාර සඳහා එන දියවැඩියා රෝගීන් විශාල ප්‍රමාණයක් මේ මික්ස්ටාඩ් ඉන්සියුලින් කියන ඉන්සියුලින් වර්ගය තමයි ලබාගන්නේ. ඒ ඉන්සියුලින් එකක් එළියේ රුපියල් 2000 කට අධික මුදලක් වෙනවා. අද වෙනකොට මේ මික්ස්ටාඩ් ඉන්සියුලින් අනුරාධපුර ශික්ෂණ රෝහලේ නැහැ. විශේෂයෙන්ම සායනික ප්‍රතිකාර සඳහා එන රෝගීන්ට අධික මුදලක් වැය කරලා මේ ඉන්සියුලින් වර්ගය පිටින් ගන්න වෙලා තියෙනවා. මේ ඖෂධය නොගැනීම නිසා දියවැඩියා රෝගියකුගේ ජීවිතයට පවා තර්ජනයක් ඇතිවෙන්න පුළුවන්” යනුවෙනුයි.
2024 දෙසැම්බර් 23, පෙ.ව. 12:34
2024 දෙසැම්බර් 23, පෙ.ව. 12:28
2024 දෙසැම්බර් 23, පෙ.ව. 12:25
2024 දෙසැම්බර් 23, පෙ.ව. 12:21
2024 දෙසැම්බර් 23, පෙ.ව. 12:08