hit counter

2025 අගෝස්‍තු මස 05 වන අඟහරුවාදා

2023 මැයි 16, පෙ.ව. 11:14



මානසික රෝග සඳහා ලබාගන්නා අත්‍යවශ්‍ය ඖෂධ දහයකට අධික සංඛ්‍යාවක් රෝහල් තුළ නොමැති බව සමස්ත ලංකා වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් වෛද්‍ය ජයන්ත බණ්ඩාර මහතා පැවසුවා.

ලිතියම් කාබනේට් (Li2co3), amisalphyte, cotaphen, DCnapasil, laraziparme ඇතුළු අත්‍යවශ්‍ය ඖෂධ 10ක් ඊට ඇතුළත් බව ඔහු සඳහන් කළා.

මෙය බරපතළ සමාජ අනතුරකට ලක්ව ඇති කරුණක් බව වෛද්‍යවරයා සඳහන් කර සිටියා.

අඛණ්ඩව මානසික රෝග සඳහා ප්‍රතිකාර ලබා ගන්නා රෝගීන් ඖෂධ හිඟය සමඟ ප්‍රතිකාර සඳහා රෝහල්වලට නොපැමිණීමත් සමග එය දැඩි සමාජ ඛේදවාචකයක් බවට පත්ව ඇති බව ඔහු පෙන්වා දුන්නා.

විශේෂයෙන් ම, කායික රෝග සඳහා පමණක් නොව මානසික රෝග සඳහා ද ආණ්ඩුව දැඩි සැලකිල්ලක් දැක්විය යුතු බව ඔහු පැවසුවා.

මෙවැනි ඖෂධ සඳහා විශාල වියදමක් රජයට නොයන බැවින් මෙය ආණ්ඩුවකට විසඳිය හැකි ප්‍රශ්නයක් බව ත් මෙය විසඳීමට බොහෝ විට කටයුතු නොකරන්නේ ඖෂධ මාෆියාවට රුකුලක් දීමට බව ත් හෙතෙම වැඩිදුරටත් සඳහන් කළා.