hit counter

2024 මාර්තු මස 28 වන බ්‍රහස්පතින්දා

2022 මැයි 25, ප.ව. 9:55



ශ්‍රී ලංකාව සතුව පවතින අත්‍යවශ්‍ය ඖෂධ වර්ග සහ හිඟ ඖෂධ වර්ග පිළිබඳ වහාම ලේඛනයක් ඉදිරිපත් කරන ලෙස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සෞඛ්‍ය අමාත්‍යාංශයට උපදෙස් ලබා දී තිබෙනවා.

වර්තමාන ආර්ථික අර්බුදය හේතුවෙන් පවතින ඖෂධ හිඟය සඳහා කෙටිකාලීන සහා මධ්‍යකාලීන විසදුම් පිළිබඳව සකාච්ජා කිරීමට අගමැතිගේ ප්‍රධානත්වයෙන් අග්‍රාමාත්‍ය කාර්යාලය දි අද(25) පැවැති සාකච්ඡාවේ දී මේ බව සඳහන් වූ බව වාර්තා වන්නේ.

මිට අමතර ව ඉන්දිය ණය පහසුකම යටතේ ශ්‍රී ලංකාවට ලැබුණු ඇමෙරිකානු ඩොලර් මිලියන 200ක වටිනා ඖෂධ මිල දී ඩොලර් නොමැති වීම ඇති වු ගැටලුව නිසා රජයන් දෙක අතර සිදු කෙරුණු සාකච්ඡා අනතුරුව ශ්‍රී ලංකා රුපියල්වලින් ගෙවීමට එකඟ වු බව යි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා කියා ඇත්තේ.

එමෙන්ම ප්‍රංශ රජය මගින් හෙට දිනයේ අධාර ලෙස ලබා දිමට නියමිත ඖෂධ හා නිර්වින්දන උපකරණ තොගය නිසා දිවයිනේ සියලුම හදිසි ශල්‍යාගාර එකක දින 90ක කාලයක් සඳහා අඛණ්ඩව පවත්වාගෙන යාමට හැකි බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා පවසා තිබෙනවා.

මේ අතර ඖෂධ නියාමන අධිකාරිය විසින් කඩිනමින් ඖෂධ මිල දී ගැනිම, වියදම් සඳහා අවශ්‍ය කටයුතු වෙනුවෙන් ඖෂධ නියාමන අධිකාරි පනත සංශෝධනය කිරීම සඳහා සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතාගේ ප්‍රධානත්වයෙන් ස්වාධීන කමිටුවක් ද පත් කළ බවයි සඳහන් වන්නේ.

මිට අමතරව මේ වන විට අත්‍යවශ්‍ය ඖෂධ වර්ග 76ක හිඟයක් පවතින බව ද එහි දී අනාවරණය වී තිබෙනවා.

තව ද දේශීය ඖෂධ සැපයුම්කරුවන්ට රුපියල් බිලියන 33ක හිඟ මුදල් ගෙවීමට ඇති බව ද එහි දී අනාවරණ වූ බව සඳහන්.

මේ අතර අත්‍යවශ්‍ය ඖෂධ මිලදී ගැනීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් මෙරට සෞඛ්‍ය ක්ෂේත්‍රයට ආධාර කිරීමට තීරණය කර ඇතැයි වාර්තා වනවා.

ඒ අනුව ඇමෙරිකානු ඩොලර් මිලියන 2ක මුදලක් පරිත්‍යාග කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය බලාපොරොත්තු වන්නේ.

ඒ අදාළ ආධාර මුදල ‘රිජ්වේ ආර්යා ළමා රෝහලට’ සහ ‘ජාතික පිළිකා රෝහලට’ ඩොලර් මිලියනය බැගින් බෙදා දෙන බවයි වාර්තා වන්නේ.