2024 සැප්‍තැම්‍බර් 01, පෙ.ව. 12:06
ප්‍රමිතියෙන් අඩු ඖෂධ කිසිවක් රජයේ රෝහල් පද්ධතිය තුළ නොමැති බව වගකීමෙන් යුතුව ප්‍රකාශ කරන බව සෞඛ්‍ය හා කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා පවසනවා.
ඖෂධ සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයීය ශ්‍රවණාගාරයේ පැවැති විශේෂ මාධ්‍ය හමුවකට සහභාගි වෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියා.
ප්‍රමිතියෙන් අඩු ඖෂධ ගෙන්වීම සඳහා රජයෙන් කිසිදු ඉඩක් නොමැති බවත්, කිසිදු බියකින් තොරව රෝගීන්ට රජයේ රෝහල් පද්ධතිය තුළින් ලබාදෙන ඖෂධ ආරක්ෂිතව භාවිත කළ හැකි බවත් අමාත්‍යවරයා එහිදී අවධාරණය කළා.
එමෙන්ම සෞඛ්‍ය අමාත්‍යාංශය කිසිදු හදිසි ඖෂධ මිලදී ගැනීමක් සිදු නොකරන බවයි රමේෂ් පතිරණය මහතා ප්‍රකාශ කළේ.
සෞඛ්‍ය අමාත්‍යවරයා ලෙස තමා කටයුතු කරන තාක් කල් සහ මෙම නිලධාරි මණ්ඩලය කටයුතු කරන තාක් කල් නීතිවිරෝධී හෝ සම්ප්රදාය විරෝධී කිසිම කටයුත්තකට සම්බන්ධ නොවන බව ඒ මහතා පෙන්වා දුන්නා.
මේ එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ සෞඛ්‍ය හා කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා,
“ගුණාත්මකභාවයෙන් අඩු කිසිඳු ඖෂධයක් ප්‍රසම්පාදන ක්‍රියාවලිය මඟින් ලබා ගැනීමට කටයුතු කරන්නේ නැහැ.. ශ්‍රී ලංකාවේ ලියාපදිංචි කර නොමැති ඖෂධ මෙරටට ගෙන්වීමට කිසිඳු අවස්ථාවක කටයුතු කරන්නෙත් නැහැ.. මෙරටට ඖෂධ ගෙන්වනවා නම් ඖෂධ සහ නිෂ්පාදකයින් ඖෂධ නියාමන අධිකාරියේ ලියාපදිංචි කිරීමෙන් පසුවයි මෙරටට ගෙන්වන්නේ.. දෙවැන්න පසුගිය වසරක කාලය තිස්සේ ලංකාවට ඖෂධ කිහිපයක හිඟතාවයක් තිබෙනවා.. වෛද්‍යවරුන් විසින් හඳුනාගත් සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිර්දේශිත ඖෂධ 862ක් ලංකාවේ ඖෂධ සඳහා අන්තර්ගත කර තිබෙනවා.. එම ඖෂධ ප්‍රසම්පාදනය කර රෝහල් වෙත ලබාදෙනවා.. ලෝකයේ පිළිගත් රටවල ලියාපදිංචි කර තිබෙනවා නම් අපට ඉතා ඉක්මනින් ලියාපදිංචිය ලබාදෙන්න පුළුවන්.. එය ලෝක සෞඛ්‍ය සංවිධානය පිළිගත් ක්‍රමවේදයක්. ඒ හරහා පමණයි ඖෂධ ගෙන්වන්නේ.. එවිට එම ඖෂධවල ගුණාත්මකභාවය පිළිබඳව කිසිදු ගැටලුවක් ඇති වන්නේ නැහැ.. ගුණාත්මකභාවයෙන් ඉහළ ඖෂධ ඉන්දියාව හරහා ගන්න හැකි නම් අපි ඒක කරනවා.. එසේ කරන්නේ රටේ ජනතාව වෙනුවෙන්.. නමුත් ඒ සම්බන්ධ අවසන් ගිවිසුමට තවම එළඹ නැහැ.. එය වඩා විනිවිදභාවයෙන් රජයන් දෙක අතර කෙරෙන කටයුත්තක්..”
මේ අතර එම විශේෂ මාධ්‍ය සාකච්ඡාව සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන, වෛද්‍ය සැපයුම් අංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය ජී. විජේසූරිය, ඖෂධ නියාමන අධිකාරියේ සභාපති විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම, රාජ්‍ය ඖෂධ සංස්ථාවේ සාමාන්‍යාධිකාරි දිනූෂ දසනායක, රාජ්‍ය ඖෂධ නිෂ්පාදන නීතිගත සංස්ථාවේ සභාපති වෛද්‍ය උත්පල ඉන්ද්‍රවංශ මහත්වරුන් ඇතුළු නිලධාරීන් පිරිසක් එක්ව සිටියා.
2025 ජනවාරි 23, පෙ.ව. 8:13
2025 ජනවාරි 23, පෙ.ව. 8:06
2025 ජනවාරි 23, පෙ.ව. 8:03
2025 ජනවාරි 23, පෙ.ව. 8:01
2025 ජනවාරි 23, පෙ.ව. 7:57
23-01-25
23-01-25
07-01-25
07-01-25
05-01-25
05-01-25
02-01-25
02-01-25
09-12-24
09-12-24
05-12-24
05-12-24
19-10-24
19-10-24
19-10-24
19-10-24
02-10-24
02-10-24
21-09-24
21-09-24
12-09-24
12-09-24
28-08-24
28-08-24