2023 මැයි 18, ප.ව. 6:40
ඩෙංගු වසංගත තත්ත්වය හමුවේ NSAID ඖෂධ කාණ්ඩයට අයත් වේදනා නාශක භාවිතා කිරීම හේතුවෙන් මරණ කිහිපයක් වාර්තා වී තිබෙනවා.
තද උණ සහ අධික ඇඟපත වේදනාව මෙන්ම හිසේ කැක්කුම සඳහා ප්‍රතිකාරයක් ලෙස ජනතාව මෙම ඖෂධ භාවිතයට යොමුව ඇති බවයි, සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය නිවේදනය කළේ.
ස්ටෙරොයිඩ් නොවන ප්‍රති-ප්‍රදාහ ඖෂධ (Non Steroidal Anti Inflammatory Drugs) ලෙස හඳුන්වන ලබන මෙම ඖෂධ වෛද්‍ය උපදේශයකින් තොරව ලබාගැනීම කිසිසේත් අනුමත කළ නොහැකි බවයි.
ඩයික්ලොෆෙනැක් සෝඩියම්, ඉබියුප්‍රොෆන්, මෙෆැනමික් ඇසිඩ්, ඉන්ඩොමෙතසින්, නැප්ප්‍රොක්ස්සෙන්, සෙලෙකොක්සිබ්, ඇස්ප්‍රීන් යන ඖෂධ වර්ග විවිධ ආකාර වෙළෙඳනාම හරහා වේදනා නාශක ලෙස බහුලව රට තුළ භාවිතා කෙරෙන බව ද සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශ සඳහන් කරනවා.
එම ඖෂධ හොඳ වේදනා නාශක වුවත් ඩෙංගු රෝගී තත්ත්වයක දී එය භාවිත කිරීම හේතුවෙන් ඉතා දැඩි සංකූලතා සහ මරණය වුවත් සිදුවිය හැකි බවට සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය අනතුරු ඇඟවනවා.
මේ දිනවල උණ තත්ත්වයක් ඇති වුවහොත් පළමුව සිදුකළ යුත්තේ, හොඳින් විවේක ගැනීම හා හොඳින් දියර වර්ග පානය කිරීම බව ද පෙන්වා දෙන සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය නියමිත මාත්‍රාව අනුව පැරසිටමෝල් ඖෂධය පමණක් භාවිත කරන ලෙස ද දැනුම්දෙනවා.
ඉන්පසුව උණ තත්ත්වය දින දෙකකට වඩා පවතින්නේ නම්, සුදුසු වෛද්‍යවරයෙකු හෝ රෝහලක් වෙත වහාම යොමු වෙන ලෙසත් දැනුම් දෙන සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය උණ රෝග සඳහා වෛද්‍ය උපදෙස්වලින් තොරව ප්‍රෙඩ්නිසොලෝන්, ඩෙක්සාමෙතසෝන් වැනි ස්ටීරොයිඩ් කාණ්ඩයේ ඖෂධ ලබාගැනීම සුදුසු නොවන බව ද පෙන්වා දෙනවා.
2025 අගෝස්‍තු 03, පෙ.ව. 12:13
2025 අගෝස්‍තු 03, පෙ.ව. 12:10
2025 අගෝස්‍තු 03, පෙ.ව. 12:09
2025 අගෝස්‍තු 03, පෙ.ව. 12:07
2025 අගෝස්‍තු 03, පෙ.ව. 12:06