2023 ජූලි 18, ප.ව. 1:41
වෛද්‍ය සැපයුම් අංශය සදහා තත්ත්වයෙන් අසමත් සහ හානිවු ඖෂධ සපයනු ලැබූ සැපයුම්කරුවන්ගෙන් රුපියල් මිලියන 1,529.83ක මුදලක් අයවිමට ඇතත් එම මුදල 2022 වර්ෂයේ දෙසැම්බර් මස 31 දින වනවිටත් අයකර ගැනිමට රාජ්‍ය ඖෂධ නිතිගත සංස්ථාව විසින් කටයුතු කර නොමැති බව ජාතික විගණන කාර්යාලය මගින් නිකුත්කොට ඇති නවතම විගණන වාර්තාවක සදහන් වෙනවා.
එමෙන්ම අසාදු ලේඛනගත සැපයුම්කරුවන්ගෙන් අයකරගත යුතුව ඇති රුපියල් මිලියන 306.11 මුදල අය කිරීම අවිනිශ්චිත තත්වයක පැවති බවද විගණනය මගින් අනාවරණය කොට තිබෙනවා.
තත්ත්වයෙන් අසමත් සහ හානි වූ ඖෂධ සපයා තිබිම වෙනුවෙන් දරනු ලැබු පිරිවැය, පරිපාලන ගාස්තු හා එම තොග විනාශ කිරිමේ වියදම වශයෙන් මෙම මුදල ඖෂධ සැපයුම්කරුවන්ගෙන් සංස්ථාවට අයවීමට ඇති බවද විගණන වාර්තාවේ සදහන් වෙනවා.
2021,2022 යන වර්ෂවලදි ඖෂධ කල්ඉකුත්විම හා හානි වීම නිසා රාජ්‍ය ඖෂධ නිතිගත සංස්ථාවට දැරිමට සිදුවු මුළු අලාභය රුපියල් මිලියන 156.50ක් බවද විගණනය මගින් අනාවරණය කොට තිබෙනවා.
එමෙන්ම 2022 වර්ෂය සදහා වෛද්‍ය සැපයුම් අංශය වෙනුවෙන් මිලදීගෙන තිබු ඖෂධ තොග අතුරින් රුපියල් මිලියන 265.88ක වටිනාකමින් යුතු අයිතම් 19ක් තත්ත්වයෙන් අසමත් වි ඇති බවද විගණන වාර්තාවේ සදහන් වෙනවා.
ඉන් රුපියල් මිලියන 146.61ක මුදලක් ඖෂධ සැපයුම්කරුවන්ගෙන් අයකරගෙන නොතිබු බවද විගණනය මගින් අනාවරණය කොට තිබෙනවා.
මේ පිළිබද රාජ්‍ය ඖෂධ නිතිගත සංස්ථාවේ කළමණාකාරිත්වය විසින් විගණනයට සදහන් කොට ඇත්තේ මින් රුපියල් මිලියන 54.19 ක මුදලක් 2023.04.26 වැනිදින වන විට සැපයුම්කරුවන්ගෙන් අයකරගෙන ඇති බවයි.
ගෙවිම් පැහැර හැරිම නිසා රුපියල් මිලියන 692.78ක හරපත් සදහා අදාල වන සැපයුම්කරුවන් අසාදු ලේඛනගතකර නිතිමය ක්‍රියාමාර්ග ගැනිමට කටයුතු කරන බවත් සංස්ථාවේ කළමණාකාරිත්වය විසින් විගණනයට සදහන් කොට තිබෙනවා.
එමෙන්ම ඖෂධ සැපයුම්කරුවන් සදහා හරපත් නිකුත් කිරිමේ සහ අයකරගැනිමේ කටයුකු කඩිනමින් ඉටුකිරිමට උපදෙස් ලබාදි ඇති බවද සංස්ථාවේ කළමණාකාරිත්වය විසින් විගණනයට සදහන් කොට තිබෙනවා.
රාජ්‍ය ඖෂධ නිතිගත සංස්ථාව සම්බන්දයෙන් 2022 වර්ෂයට අදාලව මෙම විගණන වාර්තාව නිකුත්කොට තිබුණා.
ගාල්ල – ලලිත් චාමින්ද
2025 ජනවාරි 27, ප.ව. 6:07
2025 ජනවාරි 27, ප.ව. 5:37
2025 ජනවාරි 27, ප.ව. 5:24
2025 ජනවාරි 27, පෙ.ව. 11:29
2025 ජනවාරි 27, පෙ.ව. 10:56