hit counter

2025 අගෝස්‍තු මස 01 වන සිකුරාදා

2025 අගෝස්‍තු 01, පෙ.ව. 12:04



මෙටා (Meta) සමාගම විසින් ශ්‍රී ලංකාවේ යොවුන් ඉන්ස්ටග්‍රෑම් (Instagram) ගිණුම් සඳහා දෙමාපිය අධීක්ෂණ යෙදවුම පසුගියදා ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශයේ පැවති විශේෂ හමුවකින් අනතුරුව සක්‍රීය කිරීම පිළිබඳව නිවේදනය කළේය.

මෙටා කණ්ඩායම විසින් ඉන්ස්ටග්‍රෑම් යොවුන් ගිණුම් අධීක්ෂණ සඳහා වන යෙදවුම, මගින් තම දරුවන්ගේ ඉන්ස්ටර්ග්‍රෑම් ක්‍රියාකාරකම් පිළිබඳ වැඩි අධීක්ෂණයක් දෙමාපියන්ට ලබා දෙන යෙදවුමක් වේ.

මෙම නව විශේෂාංගය වයස අවුරුදු 13 සිට 17 දක්වා ළමුන් සඳහා නිර්මාණය කර ඇති අතර, එමඟින් බුද්ධිමය පාලන කට්ටලයක් ඔස්සේ ආරක්ෂිත ඩිජිටල් පරිසරයක් නිර්මාණය කිරීමට දෙමාපියන්ට සහ භාරකරුවන්ට හැකියාව ලබා දෙයි.

මෙහි ඇති ප්‍රධාන විශේෂාංග අතරට, ප්‍රවේශය පූර්ව අනුමත සම්බන්ධතා වලට සීමා වීම, සීමිත පණිවිඩ කරණ හැකියාව, සංවේදී අන්තර්ගනයන්ට ප්‍රවේශය පිළිබඳ දෙමාපියන්ගේ පාලනය, අන්තර් ක්‍රියා සීමාවන් පවත්වා ගැනීමේ හැකියාව, දෛනික නිර කාල සීමාවන් සැකසීමේ හැකියාව අයත් වේ.

දෙමාපිය අධීක්ෂණය සහිත ඉන්ස්ටග්‍රෑම් යොවුන් ගිණුම් හඳුන්වාදීම, ශ්‍රී ලංකාවේ තරුණ පරිශීලකයින් සඳහා මාර්ගගත ආරක්ෂණ ගැටළු විසඳීමේ සුවිශේෂී ඉදිරි පියවරක් ලෙස පෙන්වා දිය හැකිය.

දෙමාපියන්ට සහ භාරකරුවන්ට ආරක්ෂිත සහ වයසට ගැළපෙන සමාජ මාධ්‍ය අත්දැකීමක් සිය දරුවන්ට ලබාදීමට අවශ්‍ය කරන පහසුව මෙ මඟින් ලබා දෙයි. මෙම දෙමාපිය අධීක්ෂණ හැකියාව නුදුරුදීම Facebook සහ Messenger වැනි අනෙකුත් සමාජ මාධ්‍ය වේදිකා වෙතද හඳුන්වා දෙන බව Meta ආයතනය නිවේදනය කළේය.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: