2023 මැයි 24, ප.ව. 4:50
රාජ්‍ය පොසොන් උත්සවය මිහින්තලේ රාජ මහා විහාරස්ථානය කේන්ද්‍ර කරගනිමින් පැවැත්වීමට රජය විසින් නිකුත් කර ඇති ගැසට් නිවේදනය අවලංගු කරන ලෙස මිහින්තලේ රාජමහා විහාරාධිපති ආචර්ය පූජ්‍ය වළවාහැංගුණවැවේ ධම්මරතන හිමියන් පවසනවා.
උන් වහන්සේ පෙන්වා දෙන්නේ රජයේ ප්‍රතිපාදන ලැබෙනතුරු මිහින්තලා පුදබිමට විදුලිබල්බ ලබා නොදීමටද විදුලිබල මණ්ඩලය තීරණය කර ඇති බවයි.
“නැඟෙමු පිබිදෙමු යෙදෙමු සුරකිමු මිහිඳු මාහිමි දෙසු දහම්” යන්න තේමා කරගත් රාජ්‍ය පොසොන් උත්සවය මිහින්තලා රාජමහා විහාරස්ථානය කේන්ද්‍ර කරගනිමින් මෙවර පැවැත්වීමට නියමිතයි.
ඒ පිළිබඳ මීට පෙර සාකච්ඡා කිහිපයක්ම පැවති අතර, රාජ්‍ය පොසොන් උත්සවය සඳහා රජයෙන් වෙන් කර ඇති ප්‍රතිපාදන සම්බන්ධයෙන් පැවතියේ මතභේදාත්මක තත්වයක්.
මේ අතර රජයේ ප්‍රතිපාදන ලැබෙන තුරු විදුලි බල්බ ලබා නොදෙන ලෙස විදුලිබල මණ්ඩලයේ සභාපතිවරයාගේ අත්සනින් යුතුව ලිපියක් මහින්තලේ රාජමහා විහාරස්ථානය වෙත ලැබී බවයි විහාරාධිපති හිමියන් පවසන්නේ.
පවතින අර්බුදකාරී තත්ත්වය මත මිහින්තලේ පුද බිමට පිවිසෙන මාර්ගයේ සවිකර ඇති විදුලි බල්බද තාවකාලිකව ගළවා ඉවත් කිරීමටයි තීරණය කර ඇත්තේ.
2025 අගෝස්‍තු 03, පෙ.ව. 12:13
2025 අගෝස්‍තු 03, පෙ.ව. 12:10
2025 අගෝස්‍තු 03, පෙ.ව. 12:09
2025 අගෝස්‍තු 03, පෙ.ව. 12:07
2025 අගෝස්‍තු 03, පෙ.ව. 12:06