hit counter

2025 ජූනි මස 06 වන සිකුරාදා

2025 ජූනි 06, පෙ.ව. 12:30



මිහින්තලේ රාජමහා විහාරස්ථානය කේන්ද්‍ර කරගනිමින් පැවැත්වීමට නියමිත රාජ්‍ය පොසොන් උත්සව සමයේ වාහන ගාල් කිරීම සඳහා මුදල් අය කළ යුතු බවට යෝජනා කිරීමත් සමඟ රාජ්‍ය පොසොන් කමිටුවේ මතභේදාත්මක තත්ත්වයක් ඇති විය.

ඒ, මිහින්තලා රාජමහා විහාරාධිපති ආචාර්ය වලවාහැංගුණ වැවේ ධම්මරතන හිමි ඊට විරෝධය පල කිරීමත් සමඟය.

වසර ගණනාවක් තිස්සේ වාහන ගාල් කිරීම සඳහා මුදල් අය නොකළ බවත් මෙම සම්ප්‍රදාය කඩ නොකළ යුතු බවත් උන්වහන්සේ අවධාරණය කළහ.

මෙම යෝජනාව ඉදිරිපත් කල මිහින්තලේ ප‍්‍රාදේශීය සභාවේ ජාතික ජන බලවේග සභාපතිවරයා එහිදී පැවසුවේ තමනට ඒ පිළිබඳ අත්දැකීම් නැති බවයි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: