hit counter

2026 ඔක්‍තෝබර් මස 15 වන බ්‍රහස්පතින්දා

2025 මැයි 13, පෙ.ව. 12:09



මෙවර රාජ්‍ය පොසොන් උත්සවය මිහින්තලා රජමහා විහාරස්ථානයේදී පැවැත්වීමට නියමිතයි.

මිහින්තලා රාජමහා විහාරාධිපති වලවාහැංගුණුවැවේ ධම්මරතන නායක හිමියන් පවසන්නේ රාජ්‍ය පොසොන් උත්සවය වෙනුවෙන් ජනාධිපතිතුමා ලබාදුන් එක් නියෝගයක්වත් මෙතෙක් ක්‍රියාත්මක වී නොමැති බවයි.

රාජ්‍ය පොසොන් උත්සවය රාජ්‍ය අනුග්‍රහය යටතේ පැවැත්වීමට කටයුතු කරන්නේ නම් ඒ සඳහා පවතින අඩුපාඩු සකස්කර අදාළ පියවර ගන්නා ලෙසද මිහින්තලා රාජමහා විහාරාධිපති හිමියන් ඉල්ලා සිටිනවා.

කෙසේ වෙතත් මිහින්තලා රජමහා විහාරස්ථානයේදී රාජ්‍යය අනුග්‍රහය ඇතිව රාජ්‍ය පොසොන් උත්සවය පැවැත්වීමට නියමිත අතර එහි සංවිධාන කටයුතු පිළිබඳව අනුරාධපුර දිස්ත්‍රික් ලේකම්වරයාගේ ද සහභාගීත්වයෙන් විශේෂ සාකච්ඡාවක්ද පවත්වා තිබෙනවා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: