2025 ජූලි 15, ප.ව. 5:06
ඇමරිකා එක්සත් ජනපදයේ තානාපතිනි ජුලි ඡන්ග් මහත්මිය සහ පාත්ෆයින්ඩර් පදනම නිර්මාතෘ මිලින්ද මොරගොඩ මහතා අතර හමුවක් අද (15) පෑලියගොඩ දී පැවැත්විණි.
පාත්ෆයින්ඩර් පදනම දීර්ඝ කාලයක් තුළ එක්සත් ජනපදය හා එරට සංවිධාන සමග පවත්වන ලද සම්බන්ධතා සහ දෙරට අතර සහයෝගීතාවයට ලැබුණ පිටිවහල මෙහි දී අවධානයට ලක් කෙරිණි. ආර්ථීකය, කලාපයේ ආරක්ෂාව හා සමාජ උන්නතිය උදෙසා පදනම විසින් කරන ලද අධ්‍යයන හා පර්යේෂණ ගණනාවක වාර්තාවල පිටපත් තානාපතිනිය වෙත බාරදීම ද මෙහි දී සිදුවිය. ශ්‍රී ලංකාව හා ඇමරිකා එක්සත් ජනපදය අතර අනොන්‍ය අවබෝධය තුළින් අවස්ථා ඇති කරන සමාන්තර වැඩසටහන් සම්බන්ධ ඉදිරි සැලසුම් ගැන ද මෙහි දී සාකච්ඡා කර තිබේ.
පෑලියගොඩ පිහිටි පාත්ෆයින්ඩර් පදනම මූලස්ථානයේ සිදු වූ හමුවට තානාපති කාර්යාලයට අලූතින් පත්වූ උප තානාපතිනි ජෙනි හොවෙල් Jayne Howell මහත්මිය සහ දේශපාලන අංශ ප්‍රධානී ඇඩම් මයික්ලෝව් Adam Michelow මහතා ද සහභාගී වී සිටියේය. පාත්ෆයින්ඩර් පදනමේ සභාපති බර්නාඩ් ගුණතිලක මහතා ඇතුළු පිරිසක් සාකච්ඡා සදහා සම්බන්ධ වූ අතර අනතුරුව කැළණි ග
ග ඔස්සේ බෝට්ටුවකින් සංචාරයකට ද නියෝජිත පිරිස සහභාගී විය.
2025 ජූලි 16, පෙ.ව. 12:13
2025 ජූලි 16, පෙ.ව. 12:09
2025 ජූලි 16, පෙ.ව. 12:07
2025 ජූලි 16, පෙ.ව. 12:05
2025 ජූලි 16, පෙ.ව. 12:05