2024 අගෝස්‍තු 29, ප.ව. 4:22
ඉන්දීය අග්‍රාමාත්‍යවරයාගේ ජාතික ආරක්ෂක උපදේශක අජිත් කුමාර් දොවාල් සහ මිලින්ද මොරගොඩ මහත්වරු අද (29) පෙරවරුවේ කොළඹදී මුණගැසිණ.
මෙම හමුවේ දී මිලින්ද මොරගොඩ විසින් පාත්ෆයින්ඩර් පදනමේ ඉන්දු – ශ්‍රී ලංකා භෞතික සබඳතාව පිළිබඳ අධ්‍යයන කණ්ඩායම් වාර්තාවේ පිටපතක් ඉන්දීය ආරක්ෂක උපදේශකවරයා වෙත පිළිගන්වන ලදී.
ඩොවාල් නිල සංචාරයක් සඳහා කොළඹට පැමිණ ඇත.
ඉන්දු – ශ්‍රී ලංකා භෞතික සබඳතාව පිළිබඳ පාත්ෆයින්ඩර් පදනමේ අධ්‍යයන කණ්ඩායම් වාර්තාව මාර්ග, දුම්රිය, විදුලිය සහ ඛනිජ තෙල් යන අංශවල භෞතික සම්බන්ධතා සඳහා පුළුල් සැලැස්මක් සපයයි.
මෙම සම්බන්ධතා මුලපිරීමේ අවසාන ඉලක්කය වන්නේ දෙරට අතර ආර්ථික ඒකාබද්ධතාවය හරහා ශ්‍රී ලංකාවේ වාර්ෂික ආර්ථික වර්ධන වේගය 3 ක සිට 6% දක්වා ඉහළ නැංවීම බව වාර්තාවේ දැක්වේ.
2025 මාර්තු 14, පෙ.ව. 12:20
2025 මාර්තු 14, පෙ.ව. 12:18
2025 මාර්තු 14, පෙ.ව. 12:13
2025 මාර්තු 14, පෙ.ව. 12:05
2025 මාර්තු 14, පෙ.ව. 12:00