hit counter

2024 සැප්‍තැම්‍බර් මස 07 වන සෙනසුරාදා

2024 මාර්තු 08, ප.ව. 5:38



ආනයනික කිරිපිටි මිල තීරණය කිරීම සඳහා සකස් කරන ලද මිල සූත්‍රය 2019 වසරේ සිට ක්‍රියාත්මක නොවීම හේතුවෙන් ආනයනික සමාගම් අධික ලාභයක් ලබාගනිමින් කිරිපිටි අලෙවි කර ඇති බවට රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේදී අනාවරණ වී තිබෙනවා.

භාණ්ඩාගාරයේ සහ  වෙළඳ වාණිජ හා ආහාර  සුරක්ෂිතතා අමාත්‍යාංශයේ නිලධාරීන් එම කමිටුව හමුවට කැඳවූ අවස්ථාවේදී මෙම තොරතුරු අනාවරණය වී තිබුණා.

කිරිපිටි සඳහා පවතින මිල සූත්‍රය පිළිබඳව කමිටුවේදී විමසූ විට වෙළෙඳ වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍යාංශයේ  නිලධාරියකු මිල සූත්‍රයක් සෑදුවද භාණ්ඩාගාරයෙන් ඊට අනුමැතිය නොලැබුණු බවයි.

එහිදී රජයේ මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ සභාපති ආචාර්ය හර්ෂද සිල්වා මහතා මෙහිදී පැවසුවේ  කිරිපිටි සඳහා මිල සූත්‍රය 2018 වර්ෂයේදී සකස් කළේ තමා බවයි.

එහිදී අදහස් පළ කළ ආචාර්ය හර්ෂද සිල්වා මහතා,

“නැති වෙන්නේ කොහොමද? මිල සුත්‍රයට අනුව වෙනස් වුණා නේ. කවුද කියන්නේ? මිල සුත්‍රය තිබුණා. ඒක වසරෙන් වසර දීර්ඝ කළා. 2019 න් පස්සේ මුදල් අමාත්‍යාංශයෙන් දීර්ඝ කරලා නෑ. ඔයාලා මට කිව්වේ ඒක නෙමෙයි නේ. කිරිපිටිකාරයන්ට යටවෙලා කියන එක අහන්න දෙයක් නෑනේ. හරිම කනගාටුයි වෙළෙඳ අමාත්‍යාංශයේ ගේනවා ලියවිල්ලක් පාර්ලිමේන්තුවට තමන් දන්නේ නෑ ඉතිහාසය. නියෝජ්‍ය ලේකම්තුමා අපිට මේක අනුමත කරන්න බෑ. අපි නියෝගයක් දෙනවා ඊළඟ කමිටුවේ දී අපිට කාරණා ඉදිරිපත් කරන්න ඇයි කියලා 2019 දෙසැම්බර් වෙද්දි මිල සුත්‍රය නතර කළේ කියලා.”