2023 ජූනි 12, ප.ව. 3:37
සංචාරක ක්ෂේත්රයේ දියුණුව හා ප්රගමනය ප්‍රාර්ථනා කරමින් සිදුකළ මහා කිරිබත් පූජාමය හා දානමය පුණ්‍යකර්මයක් පෙරේදා (10) ශ්‍රී දළදා මාලිගාවේදී පැවැත්වුණා.
ශ්‍රී ලංකා වෘත්තීය සූපවේදීන්ගේ සංගමය මගින් මෙම දානමය පුණ්‍ය කර්මය සංවිධානය කොට තිබූ අතර සූපවේදීන්ගේ සංගමයේ ලේකම් දිල්රුක්ෂාන් දාබරේ මෙහිදී කියා සිටියේ, වර්තමානය වන විට යම්කිසි ආකාරයකින් අඩාළව පවතින මෙරට සංචාරක ක්ෂේත්රයේ දියුණුව හා ප්රගමනය ප්‍රාර්ථනා කරමින් මෙම පුණ්‍ය ක්‍රියාව සිදුකළ බවයි.
මේ සඳහා ලංකාවේ සෑම ප්‍රධාන සංචාරක හෝටලයක්ම සූපවේදීන් 300 ක් පමණ සහභාගී වූ බවත් මෙම සූපවේදීන් එක්ව පිළියෙල කළ මහා කිරිබතක ප්‍රථම කොටස ශ්‍රි දළදා සමිඳුන් වෙත පූජා කිරීමෙන් අනතුරුව ඉතිරි කිරිබත් සියල්ල ශ්‍රී දළදා මාලිගාවට පැමිණි බැතිමතුන් හට දන්සැලක් ආකාරයෙන් බෙදා දීමට පියවර ගත් බවද හෙතෙම සඳහන් කළා.
ශ්‍රී ලංකා වෘතීය සූපවේදීන්ගේ සංගමයේ සභාපති සුනිල් සිල්වා, මහනුවර සංචාරක හෝටල් සංගමයේ සභාපති රොඩ්නි ආම්ස්ටෝන් යන මහත්වරුන්ද මෙහිදී අදහස් පළ කළා.
ශ්‍රි දළදා මාලිගාවේ දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා ඇතුළු පිරිසක්ද මෙම අවස්ථාවට එක්ව සිටියා.
2024 දෙසැම්බර් 22, පෙ.ව. 10:34
2024 දෙසැම්බර් 22, පෙ.ව. 12:07
2024 දෙසැම්බර් 22, පෙ.ව. 12:07
2024 දෙසැම්බර් 22, පෙ.ව. 12:06
2024 දෙසැම්බර් 22, පෙ.ව. 12:06