hit counter

2026 මාර්තු මස 12 වන බ්‍රහස්පතින්දා

2022 ජූනි 28, පෙ.ව. 6:51



ආයෝජන ප්‍රවර්ධන අමාත්‍ය ධම්මික පෙරේරා මහතා සිය අමාත්‍යධූරයේ සිටින කාල සීමාව පිළිබඳ හෙළිදරව්වක් සිදු කළා.

ඒ ඊයේ (27) රාත්‍රී රූපවාහිනී නාලිකාවක පැවැති වැඩසටහනකට එක්වෙමිනි.

තමාට ඇමති ධූරයේ වැඩ කටයුතු කිරීමට ගෙදරින් අවසර ලබා දුන් ආකාරය ගැන ඒ මහතා පැහැදිලි කළා.

ඔහු සඳහන් කළේ “රටේ මිනිස්සු බඩගින්නේ ඉන්නවානම් අපි කාලා වැඩක් නෑ” තමන්ගේ අම්මා ප්‍රකාශ කළ බවත් මාස 6ක් කාලයක ඇතුළත වැඩක් කළ නොහැකි නම් ගෙදර යා යුතු බවට බිරිඳ සහ දරුවන් ප්‍රකාශ කළ බවත්ය.

එසේ නොමැති වුවහොත් දරුවන් නිවස ඉදිරිපිටට පැමිණ “තාත්තා COME HOME” යනුවෙන් කියා පුවරු අල්ලා ගෙන සිටින බව දැන්වූ බවට ධම්මික පෙරේරා අමාත්‍යවරයා ප්‍රකාශ කළා.

මාස 6ක් යනු පැය 960ක් බවත් එම කාලය තුළ ධනාත්මක වෙනසක් රට තුළ සිදු කිරීමට නොහැකි වුවහොත් දරුවන් “තාත්තා COME HOME” යනුවෙන් කියා සිටින බවද ඒ මහතා පෙන්වා දුන්නා.

එනිසා මාස 6කින් තමාට ගෙදර යාමට සිදු වනු ඇති බවයි ඔහු කියා සිටියේ.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: