hit counter

2024 ජූලි මස 03 වන බදාදා

2024 ජූලි 01, ප.ව. 9:28



2025 වසරට අදාළ පළමු ශ්‍රේණියට සිසුන් ඇතුළත් කිරීමේ චක්‍රලේඛය නිකුත් කර තිබෙනවා.

ඒ අනුව ඊයේ (30) දිනයේ සිට ලබන වසර සඳහා පළමු ශ්‍රේණියට සිසුන් ඇතුළත් කිරීමේ අයදුම්පත පාසල් වෙත යොමුකළ හැකි වෙනවා.

කෙසේ වෙතත්, අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කළේ එම අයදුම්පත් භාර ගැනීම එළඹෙන 31 වැනිදායින් අවසන් වන බවයි.

මේ අතර, සිය ඉල්ලීම්වලට හැකි ඉක්මණින් ප්‍රතිචාර ලබාදෙන්නැයි ඉල්ලා ගුරු – විදුහල්පති වෘත්තිය සමිති සන්ධානය හෙට (02) පාසල් ඉදිරිපිට විරෝධතා පැවැත්වීමට සැලසුම් කර ඇති බව ලංකා ගුරු සංගමය සඳහන් කළා.

එමෙන්ම එළැඹෙන සිකුරාදා රාජ්‍ය අංශයේ සියලු වෘත්තිය සමිති රැස්කර, ගුරු විදුහල්පති සන්ධානය ලෙස ඒකාබද්ධ කිරීමට සූදානමින් සිටින බවත් ඔවුන් වැඩිදුරටත් අදහස් පළ කරමින් කියා සිටියා.

ගුරු විදුහල්පති වැටුප් විෂමතාව ඉවත් කිරීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල්කරගනිමින් ගුරු – විදුහල්පති වෘත්තිය සමිති සන්ධානය අද (01) පාසල් ඉදිරිපිට කළු කොඩි සහ බැනර් ප්‍රදර්ශනය කරමින් විරෝධතාවක නිරත වුණා.

ඒ, අනුව ලංකා ගුරු සංගමය සඳහන් කළේ, හෙට පාසල් වේලාවෙන් පසුව විරෝධතා පවත්වන බවයි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: