hit counter

2025 ජූලි මස 31 වන බ්‍රහස්පතින්දා

2023 මැයි 14, ප.ව. 12:40



නෙළුව දෙල්ලව මියනවතුර ප්‍රදේශයේ එකම නිවසක නතරව සිටි පවුල් කිහිපයක පිරිමි ළමයන් හතර දෙනකු ඊයේ (13) රාත්‍රි සිට අතුරුදහන්  වී ඇති බවට පැමිණිල්ලක් ලැබි ඇතැයි නෙළුව පොලිසිය පවසනවා.

මෙසේ අතුරුදහන් වී ඇත්තේ අවුරුදු 01 මාස 03, අවුරුදු 10 සහ අවුරුදු 13 යන වයස්වල පසුවන පිරිමි ළමයින් සිව් දෙනෙක්.

මෙම ළමයින්ගේ මව්පියන් නෙළුව ප්‍රදේශයේ වතුවල තාවකාලිකව වැඩ කිරිම සඳහා මියනවතුර ප්‍රදේශයේ නිවසක් කුලියට ගෙන නතරව සිට ඇති අතර එසේ සිටිය දී ඊයේ (13) රාත්‍රියේ සිට දරුවන් අතුරුදහන් බවට ඔවුන්ගේ මව්පියන් පොලිස් හදිසි ඇමතුම් අංශයට දන්වා තිබෙනවා.

අතුරුදහන්වු ළමයන් පිළිබඳ මෙතෙක් කිසිම තොරුතුරක් නොමැති අතර නෙළුව පොලිසිය විසින් පරික්ෂණ පවත්වා ගෙන යනු ලැබේ.