2023 මැයි 16, ප.ව. 1:07
නෙලුව මහකන්දවත්ත ලිපිනයේ පදිංචි 7 හැවිරිදි අතුරලිය වික්‍රමගේ ටෙරාෂා පහන්දි නැමැති දැරිය ඊයේ (15) සවස් කාලයේ සිට නිවසේ නොමැති බවට දැරියගේ පියා නෙලුව පොලිසියට පැමිණිලි කර තිබෙනවා.
පැමිණිලිකරු බිරිඳගෙන් දික්කසා දවී ඇති අතර දරුවාගේ මවගේ නංගී සහ තවත් පිරිමි පුද්ගලයෙකු ඊයේ සවස දරුවා බැලීමට පැමිණ තිබෙනවා.
තමා තේ කර්මාන්තය ශාලාවේ වැඩ කරමින් සිටින විට දරුවා නිවසේ නොමැති බව රාත්‍රි හතයි දහයට පමණ ආරංචි වූ බවත් මවගේ නංගී දරුවා රැගෙන යන්නට ඇතැයි සැක කරන බවත් දැරියගේ පියා පොලිසියට කළ පැමිණිල්ලේ වැඩි දුරටත් සඳහන්.
දැරියගේ මව සෙවනගල ප්‍රදේශයෙන් දෙවන කසාදයක් කර ගෙන ඇති බවද අනාවරනය වී තිබෙනවා.
නෙලුව පොලිසිය මේ පිළිබඳ පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.
2025 අගෝස්‍තු 03, පෙ.ව. 12:13
2025 අගෝස්‍තු 03, පෙ.ව. 12:10
2025 අගෝස්‍තු 03, පෙ.ව. 12:09
2025 අගෝස්‍තු 03, පෙ.ව. 12:07
2025 අගෝස්‍තු 03, පෙ.ව. 12:06