hit counter

2026 පෙබරවාරි මස 03 වන අඟහරුවාදා

2025 ජනවාරි 10, පෙ.ව. 12:04



කම්කරු අරගල මධ්‍යස්ථානයේ ජාතික කමිටු සාමාජික පූජ්‍ය ටැම්පිටියේ සුගතානන්ද හිමි විශේෂ ප්‍රකාශයක් සිදුකර තිබෙනවා.

ඒ ඉදිරි අයවැයේ දී රාජ්‍ය සේවක වැටුප් රු. 20,000කින් ඉහළ දැමීය යුතු බවයි.

මේ අතර ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් ජල සම්පාදන මණ්ඩලයේ ආදායම් සහකාර ස්වාධීන වෘත්තීය සමිති සාමාජිකයින් පිරිසක් විරෝධතාවක නිරත විය.

ඒ, රත්මලානේ පිහිටි ප්‍රධාන කාර්යාලය ඉදිරිපිට දී ය.

ඒ අනුව ඔවුන් සදහන් කළේ, උසස්වීම්, වැටුප් වර්ධක හා සේවා ස්ථිර කිරීම් සඳහා දින තුනක් ඇතුළත සාධනීය විසඳුම් නොලැබුණහොත් වෘත්තීය ක්‍රීයාමාර්ගයකට අවතීර්ණ වන බවයි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: