hit counter

2025 අගෝස්‍තු මස 18 වන සඳුදා

2025 අගෝස්‍තු 18, පෙ.ව. 12:12



කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය විසින් ධීවර විශ්‍රාම වැටුප් ක්‍රමවේදය යළි ලබන මාස සිට ආරම්භ කිරීමට බලාපොරොත්තු වන බව නිවේදනය කරයි.

එම ක්‍රියාවලිය සදහා ඊට සුදුසු පුද්ගලයින් හඳුනා ගැනීම මේ වනවිට සිදුවන බව කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලයේ සභාපති ප්‍රේමසිරි ජාසිංහආරච්චි මහතා පවසයි.

මෙම ක්‍රියාවලියේදී කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය සහ ධීවර දෙපාර්තමේන්තුව එක්ව සිදුකිරීම සුදානම් කර ඇත.

වැඩිදුරටත් සභාපති ප්‍රේමසිරි ජාසිංහආරච්චි මහතා පවසන්නේ පැවැති ධීවර විශ්‍රාම වැටුප් ක්‍රමය අඩාල වන අවස්ථාවේදී ධීවරයින් 60,000කට ආසන්න ප්‍රමාණයක් ප්‍රතිලාභ ලබා ගනිමින් සිටි බවය.

එම නිසා යළිත් මෙම ධීවර විශ්‍රාම වැටුප් ක්‍රමය ආරම්භ කිරීමේදි පරණ ප්‍රමාණයට වඩා වැඩි ධීවරයින් පිරිසකට මෙමගින් ප්‍රතිලාභ ලබා දීමට පියවර ගන්නා බවද කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලයේ සභාපති ප්‍රේමසිරි ජාසිංහආරච්චි මහතා පවසයි.  





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: