hit counter

2026 මාර්තු මස 13 වන සිකුරාදා

2025 නොවැම්‍බර් 16, පෙ.ව. 12:09



බැංකු හා මූල්‍ය ආයතන විසින් අසාධාරණ ලෙස පොලී අයකරන්නේ නම් ඒ සම්බන්ධයෙන් පාරිභෝගික ආරක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කරන ලෙස ශ්‍රී ලංකා මහ බැංකුව මහජනතාවගෙන් ඉල්ලා සිටී. බැංකු විසින් අය කරන පොලිය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහ බැංකුවට එම බැංකුවලට නියෝග නිකුත් කිරීමට නොහැකි බවද ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.

කෙසේ වුවත්, අසාධාරණ ලෙස පොලී අනුපාත අයකරන්නේ නම් එම විෂමතා සොයා බැලීමට මැදිහත්වීමේ හැකියාව ඇතැයිද ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරයි.

මෙවැනි පැමිණිලි පාරිභෝගික ආරක්ෂණ දෙපාර්තමේන්තුවේ “1935” ක්ෂණික දුරකථන අංකයට පැමිණිලි කළ හැකිය.

මහ බැංකුව විසින් වරින් වර පොලී අනුපාතයන් ප්‍රකාශයට පත්කරන්නේය.