hit counter

2024 ඔක්‍තෝබර් මස 18 වන සිකුරාදා

2023 මාර්තු 03, පෙ.ව. 11:47



මීට සති කිහිපයකට පෙර වැලිපැන්න ප්‍රදේශයේ තරුණයෙකු මිය ගියේ මාර්ගයේ අනතුරුදායක ලෙස යතුරුපැදි පදින පාසල් සිසුන් තිදෙනෙකුට අවවාද කිරීමට ගොස් ඇති වූ ගැටුමක් දුරදිග යාමෙන් පසුවයි.

එමෙන්ම රාත්‍රියේ ගාලු පාරේ තරගයට යතුරු පැදි පදිමින් සිටි තරුණයෙකුගේ යතුරු පැදියේ ගැටී දැරියන් දෙදෙනෙකු මියගොස් ගැබිණි මවක් බරපතල තුවාල ලැබීමේ සිද්ධියක් වාර්තා වූයේ මොරටුව එගොඩ උයන ප්‍රදේශයෙන්.

මෙවන් පසුබිමක අනතුරුදායක ලෙස යතුරු පැදි ධාවනය කරන තරුණයන් පිරිසකගේ රූපරාමු පෙළක් මේ වන විට සමාජ මාධ්‍ය සංසරණය වෙනවා.

එහි දැක්වෙන්නේ ඔවුන් එසේ නොකරන ලෙස තමන්ට අවවාද කරන පුද්ගලයින්ට තර්ජනය කරන අයුරුයි.

අනතුරුදායක ලෙස යතුරු පැදිය ධාවනය කරන තරුණයෙක් පසුපසින් පැමිණි මෝටර් රථයක ගැටීමට යාමේදී එය එහි රියදුරු විසින් පාලනය කරනු ලබනවා.

අනතුරුදායක ලෙස යතුරු පැදියක් ධාවනය කළ නව යොවුන් වියේ පසුවන තරුණයන් දෙදෙනෙකුට ගම්වාසීන් අවවාද කරන අයුරු දැක්වෙන රූපරාමු පෙළක් සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වෙනවා.

මෙහි විශේෂත්වය වන්නේ යතුරු පැදියේ අංක තහඩුව ගලවා පසුපැදිකරු අතෙහි තබාගෙන සිටීමයි.

එමෙන්ම ඔහු ගම්වාසීන්ට තර්ජනාත්මක ස්වරූපයෙන් කතා කරන අයුරුත් එහි දැක්වෙනවා.

Example Image