hit counter

2024 සැප්‍තැම්‍බර් මස 07 වන සෙනසුරාදා

2024 ජූනි 16, පෙ.ව. 12:02



රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යංශය මගින් පාලනය වන රජයේ බංගලා, සංචාරක බංගලා සහ  නිල නිවාස වලින්  රුපියල් පන්කෝටි, අනු එක් ලක්ෂ, හතලිස් දෙදහස් තුන්සියහතලිස් අටක හිඟ කුලී මුදලක් (59,142,348) ඉකුත් වර්ෂයේ (2023) දෙසැම්බර් මස 31 දින වන විට අය විය යුතුව පැවති බව ජාතික විගණන කාර්යාලය මගින් නිකුත් කොට ඇති නවතම විගණන වාර්තාවක සඳහන් වෙනවා.

විගණන වාර්තාවට අනුව ඇමතිවරුන් හා මන්ත්‍රිවරු 56 දෙනෙකුගෙන් රුපියල් තිස්හයලක්ෂ, අසුහත්දහස්, තුන්සියහැටක හිග කුලි මුදලක් (3,687,360) අයවිමට තිබුණි.

මෙකි හිඟ කුලි මුදල් අතර  2015 වර්ෂයේ සිට පැවත එන රුපියල් දහතුන්ලක්ෂ,හැටඅටදහස් නමසිය විසිඑකක (1,368,920)  හිඟ කුලී මුදල් ද අයත් බව විගණන වාර්තාවේ සදහන් වේ.

එමෙන්ම සමුළු නිවාස 35කින් ඉකුත් වර්ෂයේ දෙසැම්බර් මස 31 දින වනවිට රුපියල් විසිදෙලක්ෂ, අනුදෙදහස්, හත්සියදෙකක (2,292,702) මුදලක් තවදුරටත් අයවිය යුතුව තිබුණි.

මෙකි මුදල් අතුරින් රුපියල් විසිලක්ෂ විසිපන්දහස්,අටසියඑකක මුදලක් (2,025,801) 2012 වර්ෂයේ සිට 2022 වර්ෂය දක්වා කාලසිමාවට  අදාළව තවදුරටත් අයනොවි පැවති හිඟ ශේෂ බවද විගණන වාර්තාවේ සඳහන් වේ.

එමෙන්ම මෙකි නිවාසවල 2012 වර්ෂයේ සිට 2021  වර්ෂය දක්වා කාලය තුල පදිංචිව සිටි  නිලධාරින් 18 දෙනෙකුගෙන් අයවිය යුතුව පැවති  මුදලින් රුපියල් අසුහත්ලක්ෂ, අනුදහස්,හාරසිය අනුවක මුදලක් (8,790,490) අයකරගෙන නොතිබු බවද විගණනය මගින් අනාවරණය කොට තිබුණි.

එමෙන්ම ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිසම් සභාව වෙත වෙන්කර දි තිබු බංගලා නිවාසයකින් 2012 වර්ෂයේ සිට  රුපියල් දෙකෝටි, අසුපන්ලක්ෂ, හැටහත්දහස්, හාරසියහැතෑවක මුදලක් (28,567,470) මුදලක් අයවිමට තිබුණි.

නිදන්ගත වකුගඩු රෝග වැලැක්විමේ පර්යේෂණ ලේකම් කාර්යාලයට ලබා දි තිබු නිවාසයකින් 2015 වර්ෂයේ සිට  රුපියල් හතලිස්හත්ලක්ෂ, අනුඅටදහස් ,තුන්සියඅසුහතක (4,798,387) මුදලක් අයවිමට තිබු බවද විගණන වාර්තාවේ සදහන් වේ.

රාජ්‍ය පරිපාලන  ස්වදේශ කටයුතු අමාත්‍යංශය වෙත  ඉකුත් වර්ෂයේ දෙසැම්බර් මස 31 දින වනවිට  ගොඩනැගිලි හිග කුලි මුදල් වශයෙන් රුපියල් තිස්තුන් කෝටි විසිහත්ලක්ෂ, විසිහතරදහස්, හයසියවිසිනමයක මුදලක් (332,724,629)  අයවිමට ඇති බවද විගණන වාර්තාවේ සදහන් වේ.